14.9 C
London
Friday, April 25, 2025
spot_img

හෙලෝ හෙලෝ

ජංගම දුරකතන මිලදී ගැනීමේ දී එහි ප‍්‍රමිතිය පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතු බව විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව පවසයි.

නීති විරෝධි, ප‍්‍රමිතියෙන් තොර ජංගම දුරකතන විශාල වශයෙන් වෙළෙදපොළේ පවතින බව එම සභාව සඳහන් කරයි.

එය වළක්වාලීම සඳහා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවට ගත හැකි පියවර සීමා සහිත බව එම කොමිෂන් සභාව පෙන්වාදෙයි.

පාරිභෝගිකයින් මේ පිළිබඳව දැනුවත් වීම මගින් ප‍්‍රමිතියෙන් තොර දුරකතන භාවිතයෙන් ඉවත් කළ හැකි වනු ඇති බව විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ජංගම දුරකතන මිලදී ගැනීමේ දී එහි ප‍්‍රමිතිය පාරිභෝගිකයින්ටම දැන ගත හැකි සරල තාක්ෂණික ක‍්‍රමවේදයක් විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව අදාළ දුරකථනයේ එමි අංකය 1909 අංකයට එස්.එම්.එස් පණිවිඩයක් මගින් යොමු කිරීමෙන් එම දුරකතනයේ නෛතික භාවය පිළිබඳ තොරතුරු දැන ගත හැකි බව එම කොමිෂන් සභාව පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles