හේෂාන් හා රෙෂිකා ලන්ඩන් නුවරට.

0
150

ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අද ලන්ඩන් නුවර පැමින තිබේ.

හේෂාන් උණම්බුව සහ රෙෂිකා උඩුගම්පොල අද දිවයිනෙන් පිටත්ව යන බව ඔලිම්පික් කමිටු ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන 24 වැනිදා පිටත්ව යාමට නියමිතය.

ඇමරිකාවේ සිටින සොනාලි ක්‍රිස්ටින් සහ පෝලන්තයේ සිටින නිලූක කරුණාරත්න ද එදින ලන්ඩන් නුවරට පැමිණීමට නියමිතව තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 27 වැනිදා ලන්ඩන් නුවරදී ආරම්භවේ.