වෙළෙඳපොළේ අලෙවිය සඳහා තබා තිබෙන ආනයනික සියලුම ළදරු කිරිපිටි වර්ග අලෙවි කිරීම වහාම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. නවසීලන්තයෙන් ආනයනය කරන කිරි නිෂ්පාදනවල “බොටුලිනම්” නැමැති විෂ බැක්ටීරියාව අන්තර්ගත වී තිබෙන බවට ජාත්‍යන්තර රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරුවීමත් සමග මෙරට දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.මේ අනුව වෙළෙඳපොළේ පවතින අනෙකුත් රටවලින් ආනයනය කරන සියලුම කිරිපිටි වර්ගද පරීක්ෂා කිරීමට අමාත්‍යංශය කටයුතු කරනු ඇත. වෙළෙඳපොළේ පවතින ළදරු කිරිපිටි සියල්ලම එකතු කරන ලෙස දිවයිනපුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙරද ආනයනික අධි ප්‍රොටීන් සහිත ළදරු කිරිපිටි අලෙවිය තාවකාලිකව අත්හිටුවීය. ඒ නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන අධිප්රොටීන් සහිත ළදරු කිරිපිටි ඇතුළු කිරි ආහාර වර්ග කිහිපයක කිලෝස්ට්රිඩියම් බොටලිනම් නමැති බැක්ටීරියාව තිබෙන බවට අනාවරණය වීමත් සමගය.
ශ්‍රියානි විජේසිංහ
2013 අගෝස්තු 07 12:30 a:m
Lakbima