ලිංගික අල්ලසක් ගැනීමට උත්සාහ කළ කොට්ටාව ආනන්ද විදුහලේ විදුහල්පතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදුහලේ 1 වන ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කර ගැනීම සඳහා අදාළ දරුවාගේ මවගෙන් මෙම විදුහල්පතිවරයා විසින් ලිංගික අල්ලසක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම පවසයි.
ඒ අනුව අදාළ ලිංගික අල්ලස ලබාදීමට යයි පවසමින් එකී මව උපක්‍රමිකශීලීව කටයුතු කිරීම නිසා වේරහැර ප්‍රදේශයේ හෝටලයකදී අද (05) සවස 2.00 ට පමණ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
විදුහල්පතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියි.