ළය ආර ඉසව්වේදී තමා වංචා කළ බවට රන් පදක්කම් ලාභී කැමරන් පිළිගනී

දකුණු අප්‍රිකානු රන් පදක්කම් ලාභී කැමරන් වැන්ඩර් බර්ග් ඔලින්පික් මීටර් 100 ළය ආර ඉසවුවේ ලෝක වාර්ථාව පිහිටවීම සඳහා තමන් දිය යට දී නීති විරෝධී ලෙස වැඩිපුර පා පහර ගසූ බව පිළිගන්නා ලදී. විනිශ්‍යකරුවන් හට සළකුණු වූවා නම් එය ඔහු තරඟයෙන් ඉවත් කිරීමට හැකි තරමේ වරදක් විය. ළය ආර ඉසව්වේ දිය යට ඉදිරියට ඇදීමේදී පිහිනුම්කරුවන් හට වලංගු වන්නේ එක් ඩොල්ෆින් පා පහරක් පමණි. නමුත් නැවත විකාශන වල පෙන්නුම් කරන ආකාරයට වැන්ඩර් බර්ග් ආරම්භයේදී පා පහර තුනක් භාවිතා කර ඇති බවයි. තමන් වැඩිපුර පා පහර ගැසූ බව ඔහු සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් වෙත පවසා ඇති අතර නිදහසට කරුණක් ලෙස ඔහු පවසා සිටින්නේ එසේ කර ඇත්තේ තමන් පමණක් නොවන බවයි. වැන්ඩර් බර්ග් පවසන ආකාරයට සෑම පිහිනුම්කරුවකුම එසේ කරන අතර තමන් එසේ නොකර සිටිය හොත් සිදුවන්නේ තමන් පසුබෑමට ලක් වීමයි. තමාගේ වසර හතරක කැපවීම සහ තම පෞද්ගලික වාර්ථාව හුදෙක් වරදක් කර බේරී යාමට හැකි වෙනත් අය වෙනුවෙන් කැප කළ නොහැකි බවයි. වැන්ඩර් බර්ග් හට මෙම චෝදනාවෙන් නිදහස් විය හැක. ඊට හේතු වන්නේ පිහිනුම් තරඟ සඳහා දිය යට වීඩියෝ පටිගත කිරීම් නොමති වීමයි. ඉදිරියේදී නැවත පරීක්‍ෂා කළ හැකි වන පරිදි දිය යට කැමරා පද්ධති සවි කිරීමට බළධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...