ෆැරන්හයිට් පවුම් ලක්ෂයකට වෙන්දේසි වෙයි

මෙතෙක් කල් ඉතිහාසයේ සදහටම වැළලී ගිය බවට විශ්වාස කෙරුනු, ඩැනියෙල් ගේබ්‍රියල් ෆැරන්හයිට්ගේ දෑතින් නිමවුණු රසදිය උෂ්ණත්වමානයක් ලන්ඩන් නුවර වෙන්දේසියකදී පවුම් ලක්ෂයක මිලකට අලෙවි වීමට නියමිතව තිබේ. ක්‍රි.ව. 1714 දී ෆැරන්හයිට් විසින් මෙබඳු උෂ්ණත්වමාන කීපයක් තැනූ බව කියැවුණුමුත් මතෛක් කල් සොයා ගැනීමට හැකිව තිබුණේ දෙකක් පමණක් නිසා මෙම තෙවන උෂ්ණත්වමානයේ සොයා ගැනීම කෞතුක වස්තු රැස් කරන්නන් අතර ඉමහත් උදේ‍යාගයක් ජනිත කිරීමට හේතු වී තිබේ. සියවස් තුනකට පෙරදී නිර්මිත ඓතිහාසික උෂ්ණත්වමාන කට්ටලවලින් දෙකක් නෙදර්ලන්තයේ ‘බොඑර් හෑව්’ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබෙන අතර වෙන්දේසියට බඳුන්වන සදහටම ඉතිහාසයේ වැළලී ගිය බවට මතෛක් කල් විශ්වාස කළ මෙම උෂ්ණත්වමානය වසර හතළිහක් පුරා තිබි ඇත්තේ පෞද්ගලික එකතුවකය. අඟල් 4.5 දිගකින් යුතු පිත්තලෙන් නිර්මිත උෂ්ණත්වමානයේ රසදිය කේෂික නළය දෙපස ෆැරන්හයිට් අංකනයෙන් 0ංජ් – 132ංජ් දක්වා උෂ්ණත්වය ක්‍රමාංකනය කොට දක්වා ඇති අතර ‘ජ්චඩපඥදඩඥඪබ ඒථඵබ’ ලෙස සිය අත්සනද යොදා ඇත්තේ එය නිපද වූ ස්ථානය වන ‘ඈම්ස්ටර්ඩෑම්’ නුවර සංකේතවත් කිරීම සඳහායි. විද්‍යාත්මක කටයුතුවලදී ද්‍රාවණවල උෂ්ණත්වය මැනීම සඳහා අරමුණු කරගනිමින් නිපදවූ මෙම ඓතිහාසික උෂ්ණත්වමානය ෆැරන්හයිට්ගේ අත්සනද සහිතව ඔහුගේ දෑතින්ම නිම වූ නිසාම පමණක් නොව සියවස් ගණනාවක් මුළුල්‍ලේ අතුරුදන්ව තිබි යළි ප්‍රාදූර්භූත වීම නිසාද සුවිශේෂී වටිනාකමක් හිමි කෞතුක වස්තුවක් බව ඉඳුරාම කිව හැක.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...