ෆේස්බුක් යන්නත් සල්ලි දෙන්න වෙයි

දැනට නොමිලේ සපයා දෙන ඇතැම් සේවා වෙනුවෙන් ඉදිරියේ දී මුදල් අය කිරීමට ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය සුදානම් වේ.

පළමු පියවර ලෙස සිය මිතුරු හවුලේ ඇතුලත් නොවන අයෙකුට ඍජු පණිවුඩයක් යැවීමේ දී සාමාජිකයින්ගෙන් මුදල් අය කිරීමට ෆේස්බුක් සුදානම්ය.

ආදායම වැඩි කර ගැනීමත් අනවශ්‍ය පණිවඩු අධෛර්යය කිරීමත් ඉන් අපේක්‍ෂා කෙරෙන අතර ඒ සඳහා නියමු ව්‍යාපෘතියක් අමෙරිකාවේ කුඩා පිරිසක් ඉලක්ක කර ගනිමින් දැනටමත් ක‍්‍රියාත්මකව පවතී.

එක් පණිවුඩයක් සඳහා එහිදී අමෙරිකානු ඩොලරයක් අය කෙරේ. ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ දැනට සිටින සාමාජිකයින් සංඛ්‍යාව බිලියනයකට වඩා වැඩි බව ෆේස්බුක් වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...