ෆෝක්ලන්ඞ් දුපත් අවුල – බ්‍රිතාන්‍යට හා ආජන්ටිනාවට සම අයිතිය ලැබිය යුතුයි

ෆෝක්ලන්ඞ් දුපත් වැසියන් තම පාලනය සම්බන්ධයෙන් වන ජනමත විචාරණයකට ඡන්දය දෙන විට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝර්ජ් ගැලොවේ කියන්නේ දකුණු ඇමරිකාව තුල බි‍්‍රතාන්‍ය අරමුණු ආරක්ෂා කර ගැනීමට නම් ලන්ඩනය හා බුවනෝර්ස් අයර්ස් මේ දුපත් හුවමාරු කරගත යුතු බවයි.

බි‍්‍රතාන්‍ය පාලනය යටතේ සිටීමට ඡන්ද දායකයන් 1600 කගේ පමණ ඡන්ද ඉරිදා සහ සඳුදා විමසා බැලෙයි. 2841 ක් වන සම්පූර්ණ වැසියන්තෙන් බහුතරය ආජන්ටිනාව යටතේ පාලනය වීමට අකමැති බැවින් තමන්ගේ දැන් පවතින තත්වයම ලබා ගනු ඇත.

ආජන්ටිනාව මෙම ඡන්ද ප‍්‍රතිඵලය පිලි නොගන්නා බව දැනටමත් ප‍්‍රකාශ කර තිබේ. ජනවාරි මුලදී ආජන්ටිනා ජනාධිපතිනි ක‍්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ඩි කර්ච්නර් මෙම දුපත් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා බි‍්‍රතාන්‍යයට යටත් විජිතවාදී චෝදනා එල්ල කරමින් විවෘත ලිපියක් බි‍්‍රතාන්‍ය මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.

ඊට පිලිතුරු ලෙස අගමැති ඬේවිඞ් කැමරන් කියා තිබුණේ ඔවුන් නැවත දුපත් පැහැර ගැනීමට උත්සාහ කලහොත් බි‍්‍රතාන්‍යය පෙරලා සටන් කරන බවයි. තමන් ඒ සඳහා සූදානම් අතර ෆෝක්ලන්ඞ් දුපත් වල ශක්තිමත් ආරක්ෂාවක් යොදා තිබෙන බවද ඔහු පැවසීය.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝර්ජ් ගැලොවේ කියා සිටියේ එක්සත් ජාතීන් බි‍්‍රතාන්‍යයට සාකච්ඡ කිරීමට යෝජනා කලත් ඔවුන් එය ප‍්‍රතික්ෂේප කල බවයි. බි‍්‍රතාන්‍යය යටත්විජිතවාදී අදහස් දරන බව ඔහුගේ මතයයි.

ෆෝක්ලන්ඞ් දුපත් වලින් සොයා ගත් ස්වභාවික සම්පත් නිසා ගින්නට තෙල් දැමීමක් සිදුවන බව ඔහු පැවසීය. 1982 අපේ‍්‍රල් දෙවන දා ඇරඹී දින 74 ක් පුරා පැවති ෆෝකලන්ඞ් යුද්ධයෙන් බි‍්‍රතාන්‍යය ජය ගත් අතර දෙපක්ෂයෙන්ම ජීවිත රැසක් අහිමි විය.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...