තංගල්ලෙදී රුසියානු තරුණියට අතවර කර නැතිලූ

තංගල්ල හෝටලයකදී තංගල්ල ප‍‍්‍රාදේශීය සභාසභාපති ඇතුළු පිරිසක් අතින් අතවරයට ලක් වූයේ යැයි කියන වික්ටෝරියාඇලෙක්සැන්ඩර් නෝවා නමැති 23 හැවිරිදි රුසියානු ජාතික තරුණිය ¥ෂණයට හේඅතවරයට ලක් නොමැති බවට ආරක්‍ෂක අමාත්‍යංශය දැනුම් දී ඇත. එජාප පා.ම. දයාසිරි ජයසකේර විසින් ජූලි 11 දින පාර්ලිමේන්තුවේදී අසන ලද ප‍‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ආණ්ඩු පක්‍ෂයේප‍‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිතුරු ලබාදීමේදී එමසඳහන් කිරීම සිදු කර ඇත.

ප‍‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයාප‍‍්‍රකාශ කර ඇත්තේ අදාළ රුසියානු තරුණිය දුෂණයට හෝ අතවරයට ලක්වී නැති බවත්, ඇය පහරදීමකට පමණක් ලක් වී ඇති බවත්ය.
එම තරුණිය විසින් පොලිසියට ලබා දුන්කටඋත්තරය සමග ඇමතිවරයාගේ පිළිතුර සැසෙක්‍ෂන්නේ නැති බව දයාසිරි ජයසේකරමන්තී‍‍්‍රවරයා පැවසීමෙන් පසු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊට පිළිතුරු වශයෙන්ප‍‍්‍රකාශ කර ඇතත් අදාළ පිළිතුර තමාට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ලබා දුන් බවය.
තංගල්ල හෝටල් සිද්ධියේදී රුසියානු තරුණියගේ පෙම්වතා වූ බි‍‍්‍රතාන්‍ය ජාතික තරුණයකු වූ කුරාන් සායික් ඝාතනයට ලක්විය.

Check Also

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක ...

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...