07වන සිරුරත් යාපනය වෙරළට

තවත් පුද්ගල මළ සිරුරක් යාපනය පූංකුඩුතිව් වෙරළ තීරයට ගොඩගසා ඇතැයි වාර්තාවේ. මළ සිරුරු පහක් යාපනය ශික්ෂිණ රෝහලේ තැන්පත් කර තිබේ.

මෙම මළ සිරුර වයස අවුරු 35ත්– 45ත් අතර පිරිමි පුද්ගලයෙකුගේ බවත් යාපනය වෙරළ තීරයට අඛණ්ඩවම මළ සිරුරු ගොඩ ගැසෙමින් තිබෙන බවත් මෙසේ ගොඩ ගසා ඇත්තේ එසේ ගොඩගැසූ 07වන මළ සිරුර බවත් එහි වැසියෝ පවසති.

මෙලෙස මළ සිරුරු පැමිණෙන්නේ කුමන ස්ථානයකින්ද යන්න තවමත් අභිරහසක් බවත් ඔවූහු කියති. කයිට්ස් වෙරළෙන් සොයාගත් සිරුරු ඔස්ට්‍රේලියාවට යෑමට ගොස් අනතුරට ලක්වූ යාත්‍රාවක සිටි පිරිසකගේ වියහැකි බවට පොලීසිය සැක පළ කරයි.

 

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...