කලටුවාව කරඳන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14ක බාලවයස්කාර දැරියක් දූෂණය කොට ඇය ගැබිනියක් කළැයි සැකපිට අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශය මඟින් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරිණි.
අවුරුදු 14ක් වන එම දැරියට මල් හී සර වැදී ඇත්තේ කරඳන, දම්මුල්ල පාර ප්‍රතිසංස්කරණයට පැමිණි ඩෝසරයක සහායකයකුගෙනි. අහුමුලුවලට වී පෙම් කළ එම තරුණයාට නිවෙසට එන්නැයි දැරියගේ පියා ඇරැයුම් කළ පසු නිතර යෑමට ඒමට පටන් ගත් තරුණයා දැරියගේ පියා සමඟ මත්පැන් පානය කිරීමටද පටන් ගෙන ඇත.
මත්පැන් පානය කළ එවන් දිනෙක රාත්‍රියේ දැරියගේ නිවෙස පිටුපස එළිමහනකදී දැරිය ඔහු අතින් දූෂණයට ලක්ව ඇතැයි පැවැසේ. ඒ අතර වාරයේම අසල්වැසි නිවෙසක තරුණයකුද දැරියට පෙම්කරන මුවාවෙන් පොලඹවාගෙන ඔහුද කිහිප වතාවත් දැරිය දූෂණයට ලක් කර ඇතැයි කියැවේ. මෙම සැකකරුවන් දෙදෙනාම 20 – 22 අතර වයස්වල පසුවෙති. අවිස්සාවේල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෙත එම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත් අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසත් අනෙක් දරුවන් තිදෙනා පියා බාරයේ තබන ලෙසත් නියෝග කොට ඇත.
උපුටාගැනීම මව්බිම පුවත්පත