පසුගිය කාලයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පාලනය ගෙනගොස් තිබුණේ නිළධාරින් විසින් නොව හිටපු අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය විසින් බව ද එහෙයින් එහි කාර්යභාරය සියල්ලම අකාර්යක්ෂම වී ඇති අතර එම කටයුතු නිරාකරණයට බඳුන් වන තෙක් වසා දමන බව ද පවසමින් විදේශ රැකියා කටයුතු ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය මෙසේ ද පවසන ලදී. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ තිබු මුදල් වලින් රුපියල් මිලියන 150 ක මුදලක හිඟයක් පවතින බව ද රටවිරුවන් විදේශ විනිමය වශයෙන් රටට රැගෙන එන මුදල් මේ ආකාරයට විනාශ වී යාමට ඉඩදීමට දී බලා සිටීමට නොහැකි බව ද එම මහත්මිය විසින් පවසා සිටින ලදී.
