16 හැවිරිදි චීන පිහිණුම් තාරකාවියගේ කතාව​

පිහිණුම් තටාකයේ ඇමරිකන් බලය සුන් කර දැමූ චීන පිහිණුම් තාරකාවිය වන 16 හැවිරිදි “යෙ ෂිවෙන්ට” එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පිහිණුම් පුහුණුකරු වන ජෝන් ලියොනාඩ් නැගූ “තහනම් උත්තේජක ඖෂධ” චෝදනාව ලෝක ඔලිම්පික් කමිටුවේ වෛද්‍යවරු විසින් මීට ස්වල්ප මොහොතකට පෙර නිෂ්ප්‍රභා කර දැමුවා. පෙරේදා දිනයේ සිට “යෙ ෂිවෙන්” දැරිය වටකොට ඇමරිකානු මාධ්‍යය ඉතාම නිර්ලජ්ජිත බොරු ප්‍රචාර ප්‍රහාරයක් දියත් කර තිබුනත්, මේ වන විට ලන්ඩන් නුවරදී ඇයව පරීක්ෂණ 10 කට භාජනය කර ඇති අතර, ඇය කිසිදු තහනම් උත්තේජකයක් භාවිතා කොට නැති බව සනාථ වී තිබෙනවා. මේ සමගම මහජන චීන සමූහාණ්ඩුව උක්ථ ඇමරිකානු පිහිණුම් පුහුණු කරුවාට සහ මාධ්‍ය ආයතන 12 කට එරෙහිව අපහාසයට වන්දි ඉල්ලා ජාත්‍යන්තර නඩුවක් පැවරීමට සූදානම් වෙනවා..

යේ ෂිවෙන් දැරිය නොබෝදා කාන්තා මීටර් 400 පිහිණුම් ඉසව්වෙන් නව ලෝක වාර්ථාවක් පිහිටවූ අතර “ගෙන්ෂු” ප්‍රාන්තයේ උපන් ඇයව චීනය සොයාගෙන තිබෙන්නෙ ඉතාම අපූරු ආකාරයකට. චීනයේ සෑම මසකම පාසැල් දරුවන්ව තදින් පරීක්ෂාවට ලක් කොට, එක්, එක් ක්‍රීඩා ඉසව් සඳහා සුදුසු අත් පා සහ ශරීර ලක්ෂණ ඇති දරුවන්ව වෙනම තෝරාගෙන, ඒ අය කැමති නම් ඔවුන්ව රජයේ වියදමෙන් ඉතාම ලාබාල වයසේ සිට දිගටම දිනපතා පුහුණු කරනු ලබනවා. යෙ ෂිවෙන් පාසැලේදී බාළ දක්ෂිකාවක්. ඒ අයට දෙන පුහුණුව අතරේ තිබෙනවා, හදිසියකට කවුරුන් හෝ තමන්ගේ අත් පා බැඳ දැමුවොත්, එයින් මිදෙන්නේ කොහොමද කියන එකත්. පුහුණුවේදී බාල දක්ෂ දරුවන්ගේ දෑත් බැඳ, ඒ අයට දෑත් ලිහා ගන්නා තාක්ෂණය කියා දෙන්නේ චීන හමුදා නිලධාරීන්. මෙහිදී කොපමණ උත්සාහ කළත් “යේ ෂිවෙන්”ට තම දෑත් මුදා ගැනීමට නොහැකිව තිබෙනවා. ඒ ඇයිදැයි පරීක්ෂා කළ කෝප්‍රල් වරියට පෙනී ඇත්තේ ඇගේ දෑතේ අත්ල දෙක අසාමාන්‍ය ලෙස විශාල නිසා එය සිදුවන බවයි. මදක් කල්පනා කාරී වූ කෝප්‍රල් වරිය වහාම ඇයව රැගෙන ගොස් ප්‍රාන්තයේ ජල ක්‍රීඩා කමිටුවේ නියෝජිතයන්ට බාර දී තිබෙනවා.

Check Also

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය ...