12.6 C
London
Thursday, May 15, 2025
spot_img

16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් දෙමාපියන්ට මන්නෙන් කොටලා

-මිතුරියන් නිසා සිසුවියක් දෙමාපියන්ට පහර දීලා

සිය මවට සහ පියාට මන්නා පිහියකින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ ගාල්ල – නාගොඩ කැප්පෙටියාගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාව ලබන 18 වැනිදා දක්වා ළමා නිවාසයක රැඳවීමට අධිකරණය නියෝග කොට තිඛෙනවා. ඒ, නාගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත් මෙම ශිෂ්‍යාව බද්දේගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීට අමතරව අදාළ ශිෂ්‍යාව පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

පාසල් ශිෂ්‍යාවක් සිය මවට සහ පියාට මන්නා පිහියකින් පහරදී තුවාල සිදුකිරීමේ මෙම පුවත ගාල්ල – නාගොඩ – කැප්පෙටියාගොඩ ප්‍රදේශයෙන් වාර්තාවුණේ පෙරේදා දිනයේදියි.

තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පෙරේදා රාත්‍රියේ මව සහ පියා නිදා සිටින අවස්ථාවේදී ශිෂ්‍යාව පහරදීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ පාසල් ශිෂ්‍යාව ගාල්ල – මාපලගම ප්‍රදේශයේ විද්‍යාලයක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි පොලීසිය සඳහන් කළේ. සිසුවිය සිය මිතුරියන් සමග නිරන්තරයෙන් කාලය ගතකිරීම පිළිබඳව ඇයට දෙමව්පියන් දෝෂාරෝපණය කර තිඛෙනවා. සිද්ධිය වූ දිනයේදීද දෙමව්පියන් මේ පිළිබඳව ශිෂ්‍යාවට දෝෂාරෝපණය කර ඇති අතර ඇය නිදි වර්ජිතව සිට දෙමව්පියන්ට මෙලෙස මන්නා පිහියකින් පහරදී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles