1945 දී මියගිය බ්‍රිතාන්‍ය ගුවන් හමුදා නිලධාරීන්ගේ භූමදානය මැ‍ලේසියාවේදී

1945 දී සිදු වූ ගුවන්යානා අනතුරකින් මියගිය රාජකීය ගුවන් හමුදා නිලධාරීන් අටදෙනෙකුගේ භූමදානය ඉකුත් බ්‍රහස්පතින්දා මැ‍ලේසියාවේදී සිදුවිය. ක්වාලාලාම්පූර් නගරයේ පිහිටි යුද සෙබළුන්ට වෙන් වූ සුසාන භූමියකදී පූර්ණ හමුදා ගෞරවය සහිතව භූමදාන කටයුතු සිදු කෙරිණි. 1945 දී එනම් දෙවන ලෝක යුද සමයේදී කොකොස් දිවයින්වල සිට මැ‍ලේසියාව වෙත සැපයුම් භාණ්ඩ ගෙන යමින් තිබූ යානාව හදිසි දෝෂයක් හේතුවෙන් කඩා වැටීම නිසා එහි සිටි බ්‍රිතාන්‍ය ගුවන් හමුදා නිලධාරීන් සියලු දෙනා මියගියහ. යානාව කඩාවැටුණු ස්ථානය නිශ්චිතව සොයා ගැනීමට හැකි වී ඇත්තේ 2009 වසරේදී බව කියැවේ.

       

NEWS : www.dailymail.co.uk

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...