14.9 C
London
Friday, April 25, 2025
spot_img

20-20 ක්‍රිකට් තරගාවලියේදී විනිසුරුන් මුදලට තරග විකුණලා ‘ද හින්දු’ පවසයි (වීඩියෝ)

ශ්‍රි ලංකාවේදී පවත්වා අවසන් වූ පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියේ දී බංග්ලාදේශ පකිස්තානු සහ ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් තරඟ පාවාදුන් බවට ඉන්දීය මාධ්‍ය චෝදනා කරයි.

පකිස්තානු ජාතික නදීම් ගෞරි සහ ඇනීස් සිද්දික්, බංග්ලාදේශ ජාතික නදීර් ෂාහ් ද ශ්‍රී ලාංකික විනිසුරුවරුන් වන ගාමිණී දිසානායක, මෞරිස් වින්ස්ටන් සහ සාගර ගාල්ලගේ යන විනිසුරුවරුන් විසින් මෙලෙස මුදලට තරඟ පාවා දුන් බව එම වාර්තාවල සඳහන්ය.

ශ්‍රි ලංකා විනිසුරු සාගර ගාල්ලගේ මහතා තණතිල්ලේ ස්වභාවය අනුව කාසියේ වාසිය පිළිබඳව මෙන්ම කණ්ඩායම සැකසීම පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා රුපියල් 50,000 ක මුදලක් ලබා ගෙන ඇතැයිද සඳහන්ය.

ඉන්දියා ටීවි චැනලයේ වෙස්වලාගත් වාර්තාකරුවෙකු විසින් පසුගිය මාස දෙක තුල සිදු කල රහසිගත කි‍්‍රයාන්විතයකදී මෙම විනිසුරුවන් විසින් තමන් තරග පාවාදීමට සූදානම් යැයි පවසන රූපරාමු සහිත වැඩසටහනක් ප‍්‍රචාරය කිරීමටද ඉන්දීය ටීවි චැනලයක් පියවර ගෙන ඇත.

 

http://youtu.be/OgS4juAD-A4

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles