2005 ජනාධිපතිවරණයේදී චඳ්‍රිකා මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන් බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
පොලොන්නරුව, වැලිකන්ද මහසෙන්පුර “ජන සෙවණ” විරුගම්මානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා අද (12) දින පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් සහභාගි වෙමින් ඔහු මේ බව පැවසුවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙමින් හිටපු ජනාධිපතිනි චඳ්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රති උපකාර කළ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 2005 ජනාධිපතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් චඳ්‍රිකා කුමාරතුංග මහත්මිය අත්පත්රිකාවක්වත් යැවිමට පක්ෂයට ඉඩ ලබා නොදුන් බවත් හිටපු ජනාධිපතිනියගේ උපදෙස් පිළිනොපැද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකළ බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුව, වැලිකන්ද මහසෙන්පුර “ජන සෙවණ” විරුගම්මානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා අද (12) දින පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් සහභාගි වෙමිනි.
1994 ජනාධිපතිවරණයේදී ගාමිණී දිසානායක මහතා පරාද කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් චඳ්‍රිකා මහත්මියට අභ්‍යන්තර තොරතුරු ලබාදුන් බව මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. මෙම චෝදනාවට රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු පිළිතුරක් ලබාදුන්නේ නැහැ. නමුත් ඊට හිටපු ජනාධිපතිනි චඳ්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිළිතුරු ලබාදී තිබුණා. ඇය ප්‍රකාශ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එවැනි තොරතුරක් ලබා නොදුන්නා කියලා. එහෙම කියලා හිටපු ජනාධිපතිනිය බයෙන් ඉන්නේ. තව ටිකක් තොරතුරු මෛත්‍රිපාල ඇමතිතුමා කියයි කියලා. ඉතුරුටික මම කියන්නම්. 1994 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ මහතා කළ උදවුවලට 2005 වර්ෂයේදී චඳ්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රතිඋපකාර කළා. මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඇය සහය ලබාදුන්ණේ නැහැ. එපමණක් නොවෙයි පක්ෂයේ මහලේකම් ඇතුළු ප්රබලයින්ට මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා නොදෙන්න කියලා යම් යම් බලපෑම් කරලා තිබුණා. 2005 ජනාධිපතිවරණයේදී චඳ්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ බලපෑම්වලට යටවෙලා කටයුතු කළා නම් ඒ තියුණු තරගයේ ප්‍රතිඵල වෙනස් වෙන්න ඉඩ තිබුණා. එහෙම උණානම් අන්තර්වාර පාලනය ලබාදීලා කොටි ත්රස්තවාදීන් මෙලහකටත් මේ රට අරාජික කරලා. එහෙම උණානම් මේ වැලිකන්දේ ජනතාවට අද තියෙන්නේ නිවාස ප්රශ්නය නෙමෙයි කොටි ත්රස්තවාදීන්ගෙන් බැටකන එකයි. යනුවෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
News :-Adaderana