13.5 C
London
Friday, April 25, 2025
spot_img

2013 රජයේ කැලැන්ඩරයේ පොහොය නිවාඩුව සැන්ඩි කරලා

2013 වසරේ දික දර්ශණය තුල පොහොය නිවාඩුව සඳහා වෙළෙඳ නිවාඩුව ඇතුළත් නොකිරීම පිළිබඳ බෞද්ධ සංවිධාන ගණනාවක් සිය විරෝධය පළ කරයි.

මේ පිළිබඳව සොයා බලා පියවර ගන්නා ලෙසට ඔවුන් විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් ද සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජොන් සෙනෙවිරත්න මහතා පවසන්නේ පොහොය නිවාඩුව තවදුරටත් වෙළඳ නිවාඩුවක් බවත් කැලැන්ඩරය මුද්‍රණය කිරීමේදී දෝෂයක් සිදුව ඇතැයි විශ්වාසය කරන බවත්ය.

රජයේ මුද්‍රණාලාධිපති ලලිත් ද සිල්වා මහතා පවසන්නේ කැලැන්ඩරය මුද්‍රණය කිරීමේදී මුද්‍රණ දෝෂයක් සිදුව නොමැති බවත් තමන් විසින් මුද්‍රණය කෙරුණේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් එවූ දළ පිටපත මුද්‍රණය කිරීමට පෙර එම අමාත්‍යංශය ලවා සෝදුපත් බලවාගෙන ලිඛිත අනුමැතියක්ද ලබාගත් කැලැන්ඩරය බවත්ය.

මුද්‍රණ කටයුතු අවසන් කෙරුණේ අගෝස්තු මාසයේදී බවද පවසන ඔහු නොවැම්බර් මාසයේදී එහි අවසන් නොකළ පිටපතක් අනතර්ජාලයෙන් ප‍්‍රසිද්ධ කෙරුණු බවද සඳහන් කලේය.

පොහොය නිවාඩුව වෙළඳ නිවාඩුවක් නොවන ලෙස මුද්‍රණය කිරීම එම අවස්ථාවේද කතාබහට ලක්වුණත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවැරදි කිරීමක් නොකෙරුණු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් පී බී අබේකෝන් මහතා පවසන්නේ පසලොස්වක පොහෝ දිනය සියලු සේවකයන්ට නිවාඩු දිනයක් බව තහවුරු කර ඇති බවත් රජයේ මුද්‍රණාලයේ නිල දින දර්ශනය පසුගිය වසරවල සකස් කළ ආකාරයටම මෙවර දඉදිරිපත් කර ඇති බවත්ය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles