අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව එක් එක් විෂය ධාරාවන්ගෙන් පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසුන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබේ.
ජීව විද්‍යා විෂය ධාරාව
ප්‍රථම ස්ථානය – එච්.ජී. හිරුණි උදාරා (මාතර සුජාතා මහා විද්‍යාලය)
දෙවන ස්ථානය – යසස්වී භාග්‍යානි දේවසිරි නාරායන (ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය
තුන්වන ස්ථානය – සිවකුමාරන් ඉඳුජන් (ත්‍රිකුණාමලය විවේකානන්ද විද්‍යාලය
භෞතික විද්‍යා විෂය ධාරාව
ප්‍රථම ස්ථානය – පාක්‍යරාජ් දරුකීසන් (යාපනය හින්දු විද්‍යාලය
දෙවන ස්ථානය – භානුක මලිත් සිල්වා (කොළඹ රාජකීය විද්‍යාලය
තුන්වන ස්ථානය – කසුන් ඉමේෂ වික්‍රමසිංහ (පින්නවල මධ්‍ය මහා විද්‍යාලය)
වාණිජ විෂය ධාරාව
ප්‍රථම ස්ථානය – පියුමි ධනංජනා (ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය)
දෙවන ස්ථානය – රවිදි සඳිනි (පානදුර බාලිකා විද්‍යාලය)
තෙවන ස්ථානය – ගිම්හානි සෙව්වන්දිකා රණසිංහ (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය)
කලා විෂය ධාරාව
ප්‍රථම ස්ථානය – ෂවිදි නෙත්සලා පතිරණ (කොළඹ විශාඛා විද්‍යාලය)
දෙවන ස්ථානය – අයේෂා නිල්මිණි (තංගල්ල බාලිකා මහා විද්‍යාලය)
තුන්වන ස්ථානය – ගයත්‍රි තිවංකා නවරත්න (නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය)
පොදු විෂය ධාරාව
ප්‍රථම ස්ථානය – නිපුණි ඩයස් නාගහවත්ත (කොළඹ මියුසියස් විද්‍යාලය)
දෙවන ස්ථානය – තරුඳු ලක්ෂාන් (ගම්පහ බණ්ඩාරණායක මහා විද්‍යාලය)
තෙවන ස්ථානය – තෙනුජා හංසනී (ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය)
මේ අතර ඊයේ නිකුත් කරන ලද විභාග ප්‍රතිඵල අද පෙරවරු 9න් පසුව පාසල් සහ විදුහල්පතිවරු වෙත නිකුත් කිරීම ආරම්භ වේ.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට පැමිණ සිය පාසලේ ප්‍රතිඵල ලේඛන ලබා ගත හැකි බව ය.
සෙසු ප්‍රතිඵල තැපෑලට යොමු කිරීමට පියවර ගන්නා බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසී ය.