2015 දී එංගලන්තයට බලශක්ති හිඟයක් October 6, 2012 Comments Off on 2015 දී එංගලන්තයට බලශක්ති හිඟයක් 3 Views තම රට තුල වසර 2015 වන විට බලශක්ති හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි බි‍්‍රතාන්‍ය බලධාරීන් පවසයි. 14% විදුලිබල ශක්‍යතාව 4% දක්වා අඩුවිය හැකි බවත් මිළ ඉහළයාම් සහ සම්පත් ඌණවීම මෙම තත්ත්වයට හේතුව බවත් බි‍්‍රතාන්‍යය විශේෂඥයෝ පෙන්වා දෙති. පාරිසරික තත්ත්වයන්ද ඊට ප‍්‍රධාන ලෙස බලපාන බවද හදුනාගෙන තිබේ. එංගලන්ත බලශක්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂණයකින් මෙම තොරතුරු භෙළිකරගෙන ඇත. වසර තුනක් තුල අධ්‍යයනය සිදුකල අධ්‍යනයකින් පසුව ඔවුන් පෙන්වා දෙන්නේ ඉදිරි වසර කිහිපය තුල ජනතාව ඉතා පරීක්ෂාකාරිව බලශක්ති සම්පත භාවිත කලයුතු බවය. එසේ නොවුනහොත් වසර ගණනාවක් පුරා අර්බුද රැසකට මුහුණදිමට සිදුවනු ඇතැයිද ඔවුන් පෙන්වා දි තිබේ. අර්බුදකාරි තත්ත්වයක් ඇති නොවිමට රජයද පැහැදිලි කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කලයුතු බවද බලශක්ති විශේෂඥයෝ අවධාරණය කරති. Share featured Latest slider 2012-10-06 ceylonradio Share Facebook Twitter Google + Pinterest