පුතුන් තිදෙනා අම්මා මරා අමුවෙන් කාලා

තම මව මරා දැමූ සහෝදරයන් තිදෙනකු ඇයගේ යම් යම් අවයව ආහාරයට ගෙන ඇති පුවතක් පිලිපීනයෙන් වාර්තා වේ. 56 හැවිරිදි මුසාලා අමිල්ගේ මළ සිරුර හමුවීමට දින කිහිපයකට පෙර ඇයගේ පවුලේ නිවෙසින් අමුතු ශබ්ද රැසක් ඇසුණු බව ඇයගේ අසල්වැසියෝ කියති. ආගමික මුහුණුවරක් තිබූ මෙම ඝාතනයෙන් අනතුරුව ලේ විලක වැටී තිබූ මුසාලාගේ සිරුරේ ඇතැම් කොටස් අඩුවී පැවැතිණි.

අමු අමුවේ තම මවගේ ශාරීරික කොටස් වෙන් කළ මේ උමතු දරු තිදෙනා ඒවා අමුවෙන්ම ආහාරයට ගෙන ඇතැයි හෙළිවී ඇත. වයස අවුරුදු 35ක-ඩැන්ටී, 21 හැවිරිදි පැරොයි සහ 18 හැවිරිදි ඊබ්‍රහිම් තමන් මේ අපරාධය සිදුකළ බව ප්‍රතික්‍ෂේප කරති. නරක භූතාත්මයක් විසින් රැගෙන එනු ලබන ලෙඩ රෝග තුරන් කිරීමට තමන් උත්සාහ කළ බව මේ අය පවසා තිබේ. මේ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මත්ද්‍රව්‍ය ගෙන ඇත්දැයි පරික්ෂා කරන බව පොලිසිය කියයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...