කිසිම ගැහැනියක් කැමති නෑ මාව කසාද බැඳලා එකට ජීවත් වෙන්න. මම මේ ළමයාව අරගෙන ගියේ ලොකු මහත් කරලා එයාව කසාද බඳින්න යයි වැල්ලව සිව් හැවිරිදි කේෂානි දැරිය පැහැරගෙන ගිය 31 හැවිරිදි ග්‍රීස් ගාමිණී පාපොච්චාරණය කර ඇත.
ඉලේපෙරුම ආරච්චිගේ ගාමිණී නමැති තිස් එක් හැවිරිදි මොහු කාන්තාවන් සිටින නිවස් වලට එබිකම් කරන ග්‍රීස් ගාගෙන කාන්තාවන් හොරෙන් අතපතගාන විකෘති ආශාවන්ගෙන් පෙළෙන පහත් මානසිකත්වයක් ඇති පුද්ගලයකු බව කියැවේ.
ඔහු ප්‍රදේශවාසීන් සමග පොලිසිය එක්ව අල්ලාගැනීමෙන් පසු රහස් පොලිසිය හමුවේ මෙම පාපොච්චාරණය කළ අතර දරුවාව පැහැරගෙන ඇත්තේ නිධානයක් ගැනීමට
බිල්ලක් ලෙස යොදා ගැනීමට යන සැකය ඔප්පු නොවූ බවද පොලිසිය ස්ථීර කළා.
මොහු මීට සති කිහිපයකට පෙරාතුව පොල්ගහවෙල ප්‍රදේශයේ වෙනත් නිවාස තුනකට මෙයාකාරයට ඇතුළු වී දැරියන් තිදෙනකු පැහැරගෙන යාමට උත්සාහ කර තිබුණ බවත් එම උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවත් හෙළිවුණා.
සැකකරු මීට පෙර විවාහවී ඇතත් විවාහ ජීවිතය අසාර්ථක වී ඇය මොහුව අතහැර ගොස් ඇත. ඉන් පසු පැවති ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ද බිඳ වැටී ඇති අතර ගැහැනුන් ඔහුව පිළිකුල් කිරීම පිළිබඳ ඔහු විස්සෝපයෙන් පසුවූ අයෙකි. දැඩි ලෙස නිල් චිත්‍රපට නැරඹීමට ඇබ්බැහිවී සිටි බව කියන ඔහු විකෘති ආශාවන් නිසා කාන්තාවන්ගේ පිළිකුලට බඳුන්ව ඇති බව පැවසේ. එහුගේ රැකියාව වී ඇත්තේ කුලී වැඩ කිරීමය.
මොහු මීට පෙරද දාහතර හැවිරිදි පාසල් දැරියක් පාසල ඇරී නිවසට එමින් සිටියදී පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියකට චෝදනා ලැබූවකි.
එම සිද්ධිය සම්බන්ධයෙන් වසර ගණනක් බන්ධනාගාර ගතකර ඇති සැකකරු ඇපමත මුදාහැර සිට ඇත්තේ මීට වසරකට පමණ පෙරාතුවය.
කේෂානි දැරියගේ පියා රසකැවිලි නිෂ්පාදනය කර ඛෙදාහැරීමේ සුළු ව්‍යාපාරයක් කරගෙන යමින් සිටි අයෙකි. ඔහු රසකැවිලි ඛෙදාහැරීම සිදුකර ඇත්තේ ත්‍රිරෝද රථයකිනි.
කේෂානි දැරියද බොහෝ අවස්ථාවලදී තම පියා සමග වෙළෙඳසල්වලට යැමට පුරුදුව සිට ඇත.
ඇය දකින ඕනෑම අයකු සමග ඉතා සුළු වේලාවකින් මිතුරුවන කතාබහ කරන දැරියකි.
රසකැවිලි විකිණීමට යන අවස්ථා කිහිපයකදී මෙම සැකකරු කේෂානි දැරිය දැක ඇති අතර ඇයව පැහැරගෙන යැමට සැලසුම් කර ඇත්තේ ඊට පසුවය.
ඉකුත් 09 වැනිදා අලූයම දෙකට පමණ සිය පාපැදියෙන් දැරියගේ නිවස අසලට පැමිණ ඇති සැකකරු නිවස ආවරණය කර තිබූ ඉටිරෙද්ද පිහියකින් කපා ඉවත් කර, නිදි යහනේ සිටි දැරිය පැහැරගෙන ඇත. පසුව පාපැදියේම දරුවාව තබාගෙන වැල්ලව ප්‍රදේශයේ කැලෑවක තිබූ ගල් ගුහාවකට රැගෙන ගොස් තිබේ.
ගල්ලෙනේ දවස් දෙකක් තිස්සේ දැරියව තබාගෙන සිටි සැකකරු ඇයට කෑමට දී ඇත්තේ අහල පහල නිවෙස්වලින් සහ වාඩිවලින් සොරා ගන්නා ලද ආහාරපානය.
දැරියට නිදාගැනීමට සලස්වා ඇත්තේද ගල්ලෙනේම පිහිටි ගල්තලාවේය.
කෑම සොරා ගැනීමට යන අවස්ථාවලදීද දැරිය වඩාගෙන ගොස් ඇතැයි හෙළිවී ඇත.
තවදුරටත් දැරිය ගල්ලෙනේ තබාගෙන සිටීම අපහසු බව තේරුම්ගත් සැකකරු 11 වැනිදා පෙරවරුවේ ඇය කුඹුක්ගැටේ ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට රැගෙන ගොස් තිබේ. එහිදී සැකකරු තම මවට පවසා ඇත්තේ එම දැරිය ලොකුමහත් වන තුරු නිවසේ තබා ගන්නා ලෙසයි.
සැකකරු සතුව තිබූ ක්ෂ‚ක ඇලවෙන ගම් වර්ගයක් පොලිසිය සොයාගෙන තිබූ අතර මොහු එය තබාගෙන සිටින්නට ඇත්තේ දරුවා හ~න විට තොල් දෙක ඇලවීමට යයි පොලිසිය සැක පහළ කරයි.
කවුරුන් හෝ ඇය ගැන විමසුවොත් දරුවා හදාවඩා ගන්නා බව පවසන ලෙසද සැකකරු මවට පවසා ඇත. නිවසේ අඳුරු කාමරයක ඇඳක් යට කාඩ්බෝඩ් කැබැල්ලක් යොදා දැරියට නිදාගැනීමට සලසා ඇත්තේද මෙම සැකකරු විසිනි.
ජනමාධ්‍ය ඇසුරු නොකරන ඔහු කේෂානි දැරිය අතුරුදන් වූ පුවතින් මුළු රටම කලබල වී ඇති බව දැන නොසිටි බවද පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ.
සැකකරුගේ සොහොයුරා කුඹුක්ගැටේ ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තය කරගෙන ගිය අයෙකි. සහෝදරයා පදිංචිව සිටින්නේ ද සැකකරුගේ නිවස ආසන්නයේය. 12 වැනිදා දහවල් සැකකරුගේ සොහොයුරා නිවසට පැමි‚ අවස්ථාවේ මව මෙම දැරිය පිළිබඳව ඔහුට පවසා ඇත.
තම සොහොයුරා රැගෙන ආ දැරිය වැල්ලවින් අතුරුදන් වූ කේෂානි දැරිය බව සොයුරා එසැ‚න්ම හඳුනාගෙන ඇත. පසුව ඔහු එම දැරිය පොලිසියට රැගෙන යැමට සූදානම් වී තිබේ.
ඒ අවස්ථාවේ සැකකරු තම සොහොයුරාටද පිහියකින් පහර දීමට උත්සාහ ගෙන ඇතත් සොහොයුරා ඔහු පලවා හැර දැරිය රැගෙන නිවස ඉදිරිපිට වෙළෙඳසලකට ගොස් ඇත.
වෙළෙඳසල් හිමියාට මෙම සිද්ධිය සැලකර වැල්ලව පොලිසියට දන්වන ලෙස ඉල්ලා ඇත. එහිදී වෙළෙඳසල් හිමියා හදිසි ඇමතුම් අංකය වන 119 අමතා මෙම දැරිය පිළිබඳ පොලිසියට දන්වා තිබේ.
සිද්ධිය සැල වූ වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම කුඹුක්ගැටේ ප්‍රදේශයට ගොස් දැරිය සිය බාරයට ගත්හ.
ඒ වනවිට සැකකරු පලාගොස් සිටි අතර ඔහු අල්ලා ගැනීම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් කුඹුක්ගැටේ ප්‍රදේශය වටලා ඇත.
දැරිය සඟවාගෙන සිටීමට ආධාර අනුබල දුන් චෝදනාවට සැකකරුගේ මවද, අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අතර කේෂානි දැරියව විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය. වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ දැරියට කිසිදු ලිංගික අතවරයක් සිදුකර නැති බවයි.
මේ අතර දැරිය පැහැර ගත් සැකකරු ප්‍රදේශවාසීන් විසින් වැල්ලව ප්‍රදේශයේදී අල්ලාගනු ලැබුවේ 13 වැනිදා දහවල්ය.
සැකකරු අඩක් කා ඉවත දමා තිබූ පාන් කෑල්ලක් ඔස්සේ පොලිස් නිල සුනඛයන් ඉව අල්ලාගෙන ගොස් සැකකරු සැඟවී සිටි ප්‍රදේශයට පැමිණ ඇත.
ප්‍රදේශවාසීන්ට සැකකරු කොටුවී ඇත්තේ ඔහු පාපැදියේ නැගී වෙනත් ප්‍රදේශයකට පලා යමින් සිටියදීය.අල්ලාගත් සැකකරුට ප්‍රදේශවාසීන් දැඩි ලෙස පහර දී තිබූ අතර ඔහු ඒ වන විට බරපතළ තුවාල ලබා සිට ඇත.
පාපොච්චාරණයෙන් පසු ග්‍රීස් ගාමිණී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වාර්තාව – හේමන්ත රන්දුණු