40ට වැඩි කාන්තාවන්ට විශේෂයි
September 30, 2012
13 Views
වාර්ෂිකව ලංකාව තුළ කාන්තාවන් දහසක් පමණ ගැබ්ගෙල පිළිකාවට ලක්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉන් සියයට 70ට වැඩි පිරිසකගේ එම රෝගය හඳුනාගෙන ඇත්තේ එහි අවසන් අවස්ථාවේ දී බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙන්නේය.
අවසන් අවස්ථාවේ දී රෝගය හඳුනා ගැනීම හේතුවෙන් එය සුවපත් කළ නොහැකි අතර ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම කාන්තාවන් මරණයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වර්තමානයේ දී අවම වශයෙන් දින දෙකක් තුළ කාන්තාවන් තිදෙනෙක්වත් ගැබ්ගෙල පිළිකා හේතුවෙන් මරණයට පත්වන බව වාර්තාවේ.
මෙම රෝගයට ගොදුරුවීම කල්තියා හඳුනාගතහොත් අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදී ජීවිතය අහිමිවීමේ අවදානමෙන් මුදවාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.
එම නිසා වයස අවුරුදු 40 ඉක්මවු විවාහක කාන්තාවන් වසරකට වරක් හෝ ගැබ්ගෙල පිළිකා සඳහා වන පැප් පරික්ෂාව හෝ කොලොපොස්කොපි පරික්ෂාව සිදුකර ගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහන යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැබ්ගෙල පිළිකාවක් විනාඩි විස්සකින් හඳුනා ගැනීමේ පහසුකම් සහිත කොලොපොස්කොපි ඒකක දෙකක් යාපනය සහ නාරාහේන්පිට විවෘත කර තිබේ.
featured Latest slider 2012-09-30