17.1 C
London
Thursday, November 13, 2025
spot_img

අවුරුදු 6 යි – සියදිවි නසාගනියි

අවුරු හයක්‌ වයසැති ළමයකු පෙරේදා (24දා) සවස ගෙලවැලලාගෙන මියගොස්‌ ඇතැයි මැදගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ බකිණිගහවෙල පොල්ගහපිටිය කිරවනාහෙළ පදිංචිව සිටි බකිණිගහවෙල (සිංහල) මහා විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ලොකුගමගේ කවිශ්ක ශ්‍රී ලක්‌මාල් නමැති ළමයෙකි.

නිවස පිහිටි වත්තේ කොකෝවා ගසක සාරියකින් ගෙල වැලලාගෙන සිටියදී එය දුටු මව දරුවාව මැදගම රෝහලට රැගෙන ගොස්‌ ඇතත් ඒ වනවිට දරුවා මියගොස්‌ සිටි බව මූලික පරීක්‌ෂණවලින් අනාවරණය වී තිබේ.

මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‌ෂණය ඊයේ (25 දා) මොනරාගල රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles