16.3 C
London
Thursday, June 19, 2025
spot_img

75 වසරක ප්‍රේමය ගැන ලියූ 96 හැවිරිදි ගීත රචකයා

ජීවිතයේ පළමු වරට පද වැලක් පබඳින්නට 96 හැවිරිදි වියේ පසුවන ඇමෙරිකාවේ ඉලිනොයිස්හි ජීවත් වන ෆේ‍රඩ් ස්ටෝබාව් වස්තු බිජය සැපයූවේ 75 වසරක් ඔහු වෙනුවෙන් කැප වී සිටි බිරිඳ ලෝරෙන්ය. ඇගේ වියෝවෙන් හුදෙකලාව සිටියදී ලියැවුණු මේ ගීතය ෆේ‍රඩ් ගායන හා ගීත රචනා තරගයකට ඉදිරිපත් කළේය.

එහෙත් තමාගේ පදවැල ගීතයකට නැගෙනු ඇති බව ඔහුට සිතී තිබුණේ නැත. කෙසේ වුවද තරග සංවිධායකයන් ෆේ‍රඩ්ගේ පදවැල ගීතයකට හරවන්නට තීරණය කර තිබේ.
සිය දයාබර බිරිඳ ලොරේන් ගැන කතා කරද්දී අදටද ෆේ‍රඩ්ට කඳුළු සඟවා ගන්නට නොහැකිය. ඇය හා ගෙවී ගිය 75 වසරක කාලය ඔහුට සිහිනයකි. ලොරේන්ගේ මරණයෙන් පසු කලක් දෙදෙනා දුක සැප බෙදාගත් පියොරියාහි නිවසේ ඔහු හුදෙකලාව දිවි ගෙව්වේය. ජීවිතයේ පළමුවරට ඈ වෙනුවෙන් ගීතයක් ලියන්න ෆේ‍රඩ් තීරණය කළේ එහිදීය.

“අහෝ පෙම්බර ලොරේන්” ගීතය ඔහු අතින් ලියවුණේය. පුවත්පත කියවමින් සිටින විට ගායන හා ගීත රචනා තරගයක් ඇති බව ඔහු දුටුවේ පසු දිනෙකය. බිරිඳ වෙනුවෙන් ලියූ ගීතය ෆේ‍රඩ් තරගයට යොමු කළේය. එහෙත් එයට පිළිතුරක් ලැබේ යැයි ඔහු විශ්වාස කළේ නැත.

එහෙත් ලිපි කවරයක බහාලූ ෆේ‍රඩ්ගේ ගී පද රචනාව දකිද්දී තරග සංවිධායකයන්ට එහි වෙනසක් දැනී තිබුණි. එම පදවැල යටින් හැඟීම්බර අරුතක් ගලාය න බව ඔවුන්ට නිරීක්ෂණය විය. ෆේ‍රඩ්ගේ පදවැල ගීතයක් සේ නිර්මාණය කරන්නට ඔවුන් තීරණය කළේය.
මේ පුවත ෆේ‍රඩ්ට අදහා ගැනීමට පවා අමාරු විය.

“මම දැකපු සුන්දරම ගැහැණිය ඇය. ඇගේ ජීවිතයේ 75 වසක්ම ඇය මා වෙනුවෙන් කැප කළා. මේ ගීතය ඇය වෙනුවෙන් උපහාරයක්…”
බිරිඳ වෙනුවෙන් සැමියකුගේ හද උපන් නිර්මල ප්‍රේමයේ හඬ දැන් i Tunes ඔස්සේ ලබාගත හැකිය.

Rivira

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles