රෝද තුනේ මරුවා ගියේ – ජීවිත තුනක් අරන් ගියේ

-කුරුණෑගල – හෙට්ටිපොළ, කුලියාපිටිය අකරවිටදී දී ඊයේ (30) රාත්‍රීයේ පෞද්ගලික බස් රථයක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. කුරුණෑගල – කුලියාපිටිය මාර්ගයේ අක්කරවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වේ. අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...