චතුරංගයි මමයි එළියට යන හින්දා කතා හැදුවා

ලක්ෂිකා මේ දවස්වල කාර්යබහුලවෙලා නේද?
මේ දවස්වල නම් ටිකක් වැඩ වැඩියි. අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. පාඩම් කරනවා. ස්වර්ණවාහිනියේ වැඩසටහනක් කරනවා. රූපලාවණ්‍ය පාඨමාලාවක් කරනවා. ඉතින් ටිකක් කාර්යබහුලයි.

ලක්ෂිකාගේ පෞද්ගලික විස්තර ටිකක් කිව්වොත්?
මම ඉගෙන ගත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විදුහ‍ලේ. පවු‍ලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි. ඒ දෙන්නාම විවාහවෙලා දැන් බබාලත් ඉන්නවා.

ලක්ෂිකා කොහොමද මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ?
ප‍්‍රීතිරාජ් වීරරත්න මහත්මයාගේ රශ්මි කියන ටෙලි ෆිල්ම් එකෙන් තමයි ක්ෂේත‍්‍රයට පිවිසුණේ. නමුත් ඒක තාම තිරගත වුණේ නැහැ.
ඊට පස්සේ හඳුනන කෙනෙක්. ඊට පස්සේ හඳුනන කෙනෙක්ගේ මාර්ගයෙන් සුපිරි අන්දරේ කියන ෆිල්ම් එකට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒක අපේ‍්‍රල් 17දා තිරගත වෙනවා. ඒ චිත‍්‍රපටයට මාව තෝරාගත්තේ සම්මුඛ පරීක්ෂණයන් දෙකකින් පස්සෙයි.

නිවේදනය කරන්න ලක්ෂිකාට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. හිතනවාද ඒකට හැකියාවක් තිබෙනවා කියලා?
මම හිතනවා මට හැකියාවක් තිබෙනවා කියලා. නැත්නම් මට අවස්ථාවක් ලැබෙන්නේ නෑනේ.

සුපිරි අන්දරේ චිත‍්‍රපටය ගැන කිව්වොත්?
ඒක කොමඩි ෆිල්ම් එකක්. මට ඒකේ ලැබුණේ මධුරි කියන බටහිර පන්නයට හැඩ ගැසුණු තරුණියකගේ චරිතයක්. ඉතින් බොහොම හොඳින් වැඩකටයුතු සිදුවුණා.

ලක්ෂිකා මේ ක්ෂේත‍්‍රයේ ඉන්නවාට ගෙදර අය කැමැතිද?
ගෙදර අය කියන්නේ ඉගෙන ගන්න ගමන් රගපෑම් කටයුතු කළාට කමක් නැහැ කියලා. නවත්වන්න කියලා බලපෑම් කරන්නේ නැහැ.

කොටට නැත්නම් අගපසග පේන්න ඇන්දාම වැඩි ආකර්ෂණයක් ලැබෙනවා කියලා ලක්ෂිකා සිතනවාද?
මමත් කොටට අඳිනවා. ඒ නම් ආකර්ෂණයක් ගන්න ‍නෙවෙයි. මගේ ඡුායාරූප කිහිපයකුත් ගොසිප්වලට දැම්මා. ඒත් සීමාවක් තියාගෙන තමයි ඇඳුම් තෝරාගන්නේ. ආකර්ෂණයක් ගන්න අරමුණක් නැති වුණත් ආකර්ෂණය වෙනවා ඇති.

ඒ ආකර්ෂණයෙන් ක්ෂේත‍්‍රයේ ඉදිරි පැවැත්ම තීරණය වෙනවාද?
නැහැ. අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න හැකියාව, වාසනාව තියෙන්න ඕන. එහෙම තියෙනවා නම් අපි යන ගමන වළක්වන්න කාටවත් බැහැ.

ක‍්‍රිකට් ක‍්‍රීඩක චතුරංග ද සිල්වා ලක්ෂිකාගේ පෙම්වතාලූ?
අපි අතරේ එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. අපි හොඳ යාළුවෝ. අපි කතාබහ කරනවා. සමහර වෙලාවට ?ට එළියට යනවා. ඒවා දැකලා තමයි එහෙම කතාවක් කියන්න ඇත්තේ.

ඒ කියන්නේ ලක්ෂිකා තාම පෙම්වතියක් ‍නෙවෙයි?
නැහැ. මට පෙම්වතෙක් නැහැ. තාම මට වයස අවුරුදු 21 නිසා ඒවාට තව කල් තියෙනවා.

කොහොමද රංගනයට ප‍්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය?
හැමෝම උදව් කරනවා. අඩුපාඩු පෙන්නලා දෙනවා. වැරැුද්දක් කියලා නැහැ. ඒ වගේම මට රගපාන්න බැහැ කියලා කියලත් නැහැ.

ඉදිරියේදී රගපාන්න කැමැති විශේෂ චරිතයක් තියෙනවාද?
ගැමි චරිතයක් කරන්න කැමැතියි. ඒ වෙනුවෙන් ඕනෑම කැපවීමක් වුණත් කරන්නත් මං ලෑස්තියි.

ඒ කැපවීම කාටහරි කරන අභියෝගයක්ද?
මට ගැමි චරිතයක් කරන්න බැහැ, රගපාන්න බැහැ කියලා කියලා තිබුණා. මට ඕන ඒ බැහැ කියපු දේ කරලා පෙන්වන්න. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරන්න මං කැමැතියි.

ලක්ෂිකා සහභාගි වෙන අලූත් නිර්මාණ මොනවාද?
ගෝඞ් ෆාදර් කියලා අලූත් ෆිල්ම් එකකට ආරාධනා ලැබුණා. එහි රූගතකිරීම් අපේ‍්‍රල් මාසේ පටන් ගන්නවා. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටත්, වෙළෙඳ දැන්වීමකටත් අවස්ථාව ලැබුණා.

කොහොමද අනාගත බලා‍පොරොත්තු?
ඉගෙනීමේ වැඩකටයුතු සිදු කරගෙන ලැබෙන හොඳ වැඩවලටත් සහභාගි වෙලා ඉන්න තමයි බලා‍පොරොත්තු වෙන්නේ.

ඒ කියන්නේ නිර්මාණ භාරගන්නේ තෝරලා බේරලාද?
ඔව්.

ක්ෂේත‍්‍රයට එන්න උදව් කරපු අයත් මතක් කළොත්?
දෙමාපියන්, සහෝදරියන් සියලූ දෙනාත්, ප‍්‍රීතිරාජ් වීරරත්න, මිෂෙල් ෆොන්සේකා, ස්වර්ණවාහිනී ආයතන, හිරු ටීවී ආයතනය ඇතුළු උදව් කළ සියලූ දෙනා මතක් කරන්න කැමැතියි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...