Wednesday , 19 February 2025

ජෝන් අමරතුංගට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

මහජන සාමය ආපදා කළමණාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව ඇත. එම යෝජනාව අද හෝ හෙට කථානායක චමල් රාජපක්ෂ මහතාට භාරදීමට නියමිතව ඇත. වත්තල ප්‍රාදේශිය සභාවේ පසුගිය දිනක ඇතිවූ සිද්ධියක් මුල්කරගෙන මෙම ඇමතිවරයාට එරෙහිව විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.එම යෝජනාව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 2 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කරනු ලැබූහ. එම විශුවාසභංග යෝජනාවට විපක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් අත්සන් කිරීමට එකගත්වය ද පලකර ඇති අතර ඊයේ දිනයේ එයට අත්සන් ගැනීම ද සිදුකළ බව විපක්ෂනායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...