-දිවයින තුළ පිහිටි තෝරා ගත් දුම්රිය ස්ථාන 10 ක් නවීකරණය කිරීමට ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදුකිරීමට නියමිත අතර පසුව, දිවයිනේ සෙසු දුම්රිය ස්ථාන ද නවීකරණය කිරීමට සැලසුම් කර ඇති බවයි. මීගමුව, ගම්පහ, රාගම, කොළඹ කොටුව, අනුරාධපුරය, පොළොන්නරුව, නානුඔය, මරදාන, යාපනය සහ හැටන් යන දුම්රිය ස්ථාන මෙසේ ප්‍රථමව නවීකරණය වීමට නියමිතය. නවීන තාක්ෂණික අංග උපාංග ලබාදීම මෙම ව්‍යාපෘතිය යටතේ නවීකරණය කෙරෙන දුම්රිය ස්ථාන සදහා නියමිතය.

