17.1 C
London
Thursday, November 13, 2025
spot_img

පුද්ගලයින් 162ක් සමග අතුරුදන් වූ ඉන්දුනීසියානු යානයේ ප්‍රධාන නියමුවා අවසන් වරට කළ ඉල්ලීම.

ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ ගුවන් යානය සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අද උදෑසන එලෙස අතුරුදන් වූයේ, ඉන්දුනීසියාවේ ජුඅන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වූ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානයකි.

QZ 8501 දරන යානය ඉන්දුනීසියානු වේලාවෙන් උදෑසන 5.35ට ගුවන්ගත කර ඇති අතර උදෑසන 7.24ට එය පාලක මැදිරිය සමග තිබූ සබඳතාවලින් ගිලිහී ගොස් තිබිණ.

යානය අතුරුදන් වන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළු මගීන් 155 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

යානය අතුරුදන් වීමට සුළු මොහොතකට පෙර එහි ගුවන් නියමුවා යානය ගමන් මග වෙනස් කිරීම සඳහා පාලක මැදිරියෙන් අවසර ඉල්ලා තිබේ.

යානය අතුරුදන් වීමට සුළු වේලාවකතට පෙර අදාළ ගුවන් යානය පොළවේ සිට අඩි 32,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබී ඇති අතර ගුවන් පථය පැහැදිලි නොමැති බැවින් එය අඩි 38,000ක් ඉහළින් පියාසර කරවීමට අවසර ඉල්ලා ඇති බව බලධාරීන් උපුටා දක්වමින් ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

යානය සබඳතාවලින් ගිලිහෙන අවස්ථාව වන විට පියාසර කරමින් තිබූ ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය යහපත් තත්ත්වයක පැවත නොමැති බව ද වාර්තා වේ.

Update: අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානය පිළිබඳ නවතම තොරතුරු

ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ යානයේ පුද්ගලයින් 162 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, කාර්ය මණ්ඩල සාමාජිකජිකයින් 7 දෙනෙකු ඇතුළු මගීන් 155දෙනෙකු සිට ඇති බව ය.

ඉන්දුනීසියාවේ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් QZ 8501 දරන යානය ඉන්දුනීසියානු වේලාවෙන් පෙරවරු 7.00ට පමණ පාලක මාධ්‍යස්ථානය සමග තිබූ සබඳතාවලින් ගිලිහී ගොස් තිබිණ.

අතුරුදන් වීමට පෙර යානය අසාමාන්‍ය ගුවන් පථයකට යොමු වීමට අවසර ඉල්ලූ බව ද ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කළේ ය.

ඉන්දුනීසියානු ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරියෙකු උපුටා දක්වමින් ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජාවා මුහුදට ඉහළ අහසේදී යානය අතුරුදන් ව ඇති බව ය.

indonesiasurabayasingapore

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles