2013 වසරේ උසස්පෙළ හැදෑරූ සිසුන්ගේ සිට විද්‍යා පීඨවලට බදවා ගැනීමේ ක්‍රමය වෙනස්වෙයි.

-ගුරු පුහුණුව සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගන්නා ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම මෙම වසරේ සිට වෙනස්‌ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව මෙවර සිට ගුරු පුහුණුව සඳහා සිසුන් බඳවා ගැනෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මට්‌ටමින්ය. එම විද්‍යා පීඨවලට දීපව්‍යාප්ත මට්‌ටමින් සිසුන් බඳවා ගැනීමේ ක්‍රමය පසුගිය වසරේදී දිස්‌ත්‍රික්‌ මට්‌ටම දක්‌වා වෙනස්‌ කළ අතර මෙම වසරේදී ද දිස්‌ත්‍රික්‌ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ගැසට්‌ පත්‍රය ද වෙනස්‌ කර තිබේ. ගුරු පුහුණුවෙන් පසු පත්වීම් ලබා ගුරුවරුන් සිය පදිංචි ස්‌ථානයට ආසන්න පාසල් කරා මාරුවීම් ඉල්ලා සිටීම වැඩි වී ඇති හෙයින් ඊට පිළියමක්‌ ලෙස ප්‍රාදේශීය කොට්‌ඨාස මට්‌ටමින් බඳවා ගැනීමේ තීරණය ගෙන ඇත. ඉදිරි සිවු වසරින් පසුව ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්‌Sඨාස මට්‌ටමින් ඇතිවන ගුරු පුරප්පාඩු සලකා බලා අයදුම්පත් කැඳවන අතර මෙවර විශේෂත්වය වන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පවතින පුරප්පාඩු සඳහා එම කොට්‌ඨාසයෙන් පමණක්‌ බඳවා ගැනීමේදී ඉසඩ් ලකුණු අඩු අයදුම්කරුවන්ටත් අවස්‌ථාව හිමිවීමට ඇති ඉඩකඩය. යම් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක පවතින පුරප්පාඩු සංඛ්‍යාව අඩු නම් එම කොට්‌ඨාසයේ අයදුම්කරුවන්ට අවස්‌ථාව අඩු වීමද නොවැළැක්‌විය හැක්‌කක්‌ බවද අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි.

සාමාන්‍යයෙන් විද්‍යා පීඨ සඳහා තුන් දහසක පමණ පිරිසක්‌ බඳවාගැනෙන අතර සිව් වසරක පුහුණුවකින් පසුව ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කෙරේ. නව ක්‍රමය යටතේ බඳවා ගැනෙන ගැසට්‌ පත්‍රය මෙම මස අවසානයේ නිකුත් කිරීමට නියමිතව ඇත. එම අයදුම්පත් කැඳවීම අදාළ වන්නේ පසුගිය 2013 වසරේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන් හටය.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...