අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ අක්කර 300ක් ගිනි රකුසාට බිලි

0
129

ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ පහළ කොටස තුළ ඇති වු ගින්නක් කඳුමුදුන තෙක් පැතිරීයාමෙන් එහි අක්කර 300ක් සම්පූර්ණයෙන් ම ගින්නෙන් විනාශ වීමකට ලක්ව අැත. ඊයේ සන්ධ්‍යා කාලයේ ඇති වු එම ගින්න සෑහෙන වෙලාවක් ගත වනතුරුත් නිවා ගැනීමට නොහැකි වී ඇත. මහනුවර ගිනි නිවීමේ ඒකකය, පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිරීම වැලැක්වීමට කටයුතු කර තිබේ.