“මම බිරිඳට බයයි” – ඇමෙරිකානු ජනපති කියයි

සිය බිරිඳට ඇති බිය හේතුවෙන් පුරුද්දක් ලෙස දුම්පානයට ඇබ්බැහිවී සිටි තමා එය නවතා දැමූ බව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ප‍්‍රකාශ කර තිබේ. පසුගිය සඳුදා පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී විහිළුවට මෙන් ඔහු මේ බව සිය මිතුරෙකු වන එක්සත් ජාතීන්ගේ නිලධාරියකුට පවසා තිබුණේය.

එහෙත් ඒ වන විට තමා කැමරාවට හසුව සිටින බවත් තමා අසල ඇති මයික‍්‍රෆෝනය ක‍්‍රියාත්මකව පැවති බවත් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා දැන සිටියේ නැත. සිය මිතුරා වූ ඵ්සබ් ණස්ස වෙත ඔබාමා පෞද්ගලිකවම මෙය පැවසූ බව ප‍්‍රසිද්ධියට පත්වූයේ පසුව එම දර්ශන පෙළ සී එන් එන් නාලිකාවේ විකාශය වීමත් සමගය.

එහිදී ඔබාමා ප‍්‍රකාශ කර ඇත්තේ සිය බිරිඳට ඇති බිය නිසා තමන් දුම් පානය අත් හළ බවයි. එමෙන්ම පසුගිය හය වසර තුළදී එක් දුම්වැටියක් හෝ භාවිත නොකළ බවද ඔහු එහිදී ප‍්‍රකාශ කර තිබුණේය. සාමකාමී සමාගමයේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා වන – හා ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හාර්වඞ් සරසවියේ නීති පාසලේ එකට අධ්‍යපනය හැදෑරූ අය වෙති.

බී.බී.සී

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...