19.4 C
London
Thursday, June 19, 2025
spot_img

ආනන්දේ සිසුන්ට අපලයක් – දිගින් දිගටම අනතුරු

සිකුරාදා (30) උදේ කොළඹ ආනන්ද විද්‍යාලයයේ දී ගුරුවරයකුගේ වාහනයකට හැප්පුණු බව කියන එම විද්‍යාලයයේ හය වැනි ශ්‍රේණියේ සිසුවෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

බාහිරින් තුවාල නැතත් සිසුවාගේ උදරයේ අභ්‍යන්තර ලේ ගැලීමක් ඇතැයි රෝහල් ආරංචි කියයි.

මීට වසරකට පමණ පෙර මෙම විද්‍යාලයේ සිසුවකු පාසලේ දී ගල් රෝලකට යට වී මිය ගියේය.

දින දෙකකට පෙර විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුගේ පහර කෑමට ලක්වූ බව කියන සිසුවෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පාසලේ ආරක්ෂිත භාවය ගැන ප්‍රශ්නයක් ඇති බවත්, අධ්‍යාපන බලධරයන් වහා මේ ගැන සොයා බලා පියවරක් ගත යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

පාසලේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විද්‍යාලයයේ ආදි සිසුන් පිරිසක් අගමැතිට හා ජනපතිට ද පැමිණිලි කර තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles