14.9 C
London
Friday, April 25, 2025
spot_img

සිසුන්ට විසිවෙන්න ගහන ආනන්දේ

“ ඕනෑ කෙරුමකුට කියා..ඕන දෙයක් කර ගන්නවා.”යැයි කියමින් කොළඹ ආනන්ද විද්‍යාලයයේ 12 ශ්‍රේණියේ සිසුවකුට පහර දුන් බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයකු ගැන විමර්ශන අරඹා ඇතැයි මරදාන පොලිසිය පවසයි.

තම දරුවාට පමණක් නොව වෙනත් දරුවන්ට ද මෙලෙස අමානුශික ලෙස මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයා පහර දීම නැවැත්විය යුතු බව සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ දරුවාගේ පියා පවසා ඇත.

පාසලේ විධායක සභිකයකුගේ දරුවකු වන එම සිසුවා පාසලට යද්දී කොණ්ඩේ අවුල් වී ඇති බව කියමින් මුහුණට පහර දී ඇතැයි ද එවිට සිසුවා විසිවී බිම ඇද වැටී ඇති බව ද ඉන් පසු බෙහෙත් වර්ග තුනක් බොන්නට දී ඇතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බෙහෙත් දුන් පසු දරුවාට වමනය ගොස් ඇති බවද සිසුවාගේ පියා පවසයි. විදුහල්පති ලියනගමගේ මහතා පැවසූවේ දරුවාට පහර දුන්නේ ඔහු වරදක් කර ඇති නිසා බවය.

“ මේ ළමයා වරදක් කරලා තියෙනවා. ඒකයි ඒ නියෝජ්‍ය විදුහල්පති ගහලා තියෙන්නේ. ඔහු බොරුවට දැන් රෝහල් ගත වෙලා ඉන්නවා. රෝහලෙන් කියා තිබෙනවා නැවතිලා ඉන්නේ නැතුව ටිකට් කපාගෙන යන්න කියලා. ළමයාගේ තාත්තාත් වැරදි විදියට නියෝජ්‍ය විදුහල්පතිට කතා කළේ. ඔහු අදි ශිෂ්‍යයෙක් කියල ආදි ශිෂ්‍යයන්ට ඕනෑ විදියට වැඩ කරන්න බැහැනේ පාසලේ. ළමයින් විභාගේ පාස් වුණාම පත්තරවල දාන්නේ නැහැ. හැබැයි වෙන දෙයක් වුණාම මුල් පිටුවෙම දානවා.”යැයි ද විදුහල්පති පැවසීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles