‘විපක්ෂයෙන් ඉදිරිපත් වීම නිසා අපට රංගන වාරණ’ – රංගන ශිල්පී රවින්ද්‍ර යසස් සහ ජගත් බෙනරගම

විපක්ෂයෙන් දේශපාලනයට පිවිසීම නිසා තමන් රඟපාමින් සිටි රූපවාහිනී නාට්‍යවලින් අසාධාරණ ලෙස ඉවත් කළ බවට රංගන ශිල්පීන් වන රවින්ද්‍ර යසස් සහ ජගත් බෙනරගම චෝදනා කරති. මෙම රංගන ශිල්පීන් දෙදෙනා මෙවර බස්නාහිර පළාත් සභාවට තරඟ කරන්නේ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්.

ස්වර්ණවාහිනියෙන් විකාශනය වූ ‘ඇන්ඩ් කොම්පැනි’ දේශපාලන ප්‍රහසන මාලාව දේශපාලන බලපෑම් මත හදිසියේ ම නවතා දැමීමට එම නාලිකාව තීරණය කර තිබෙන බවයි එම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පි රවින්ද්‍ර යසස් පවසන්නේ.

තමන් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම මෙම වැඩසටහන අත්හිටවීමට හේතු වී ඇතැයි රවින්ද්‍ර යසස් සංදේශයට කියා සිටියේය.

‘ඇන්ඩ් කොම්පැනි’
“ෂූටින් තියෙන දවසට කලින් දවසේ අපිට කතා කරලා කිව්වා ‘ඇන්ඩ් කොම්පැනි’ නැවැත්තුවා කියලා, මම නිෂ්පාදක තුමාගෙන් ඇහුවා, එතුමා කිව්වා ඉහළින් මේ වැඩසටහන නවත්තන්න කියලා තියෙනවා කියලා… රජය පැත්තෙන් ආවොතින් ඒ අයට දෙන්න පුළුවන් හැම රුකුලක් ම දෙනවා, විපක්ෂයෙන් අවොතින් අන්න එයාට ඕනෑ තරම් කැපිලි කෙටිලි තියෙනවා,” රවීන්ද්‍ර යසස් පැවසීය.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තවත් අපේක්ෂකයෙකු වන රංගන ශිල්පී ජගත් බෙනරගම පවසන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ‘පබසරා’ ටෙලි නාට්‍යයෙන්, දේශපාලන හේතු මත තමා ඉවත් කර ඇති බවයි.

“කොටස් 100 ක නාට්‍යයක කොටස් 30ක් රඟපාල තියෙද්දී එක්වරම මම නොදැනුවත්වම මගේ චරිතය මරා දමල, මම වෙනුවෙන් වෙනත් කෙනෙක් දාල තමයි ඒ මරා දැමුණු දර්ශනය අරගෙන තියෙන්නේ, මට ඒ ගැන කිව්වෙත් නැහැ, මේක කරලා තියෙන්නේ ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ බලධාරීන්,” ජගත් බෙනරගම පැවසීය.

‘අසාධාරණයක් නෑ’
“මේක ආණ්ඩුව හෝ ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කරන නාට්‍යයක් නම් අපිට මේ ගැන කතා කරන්න තිබුනා. මේක පෞද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කරන නාට්‍යයක්. දැන් ඔය කියන සමහර වැඩසටහනුත් පෞද්ගලික ආයතන කරන ඒවා,” යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවසීය.

Source : bbc.co.uk

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...