12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

නවසීලන්තයේදී තරග අත්දැකීම් නොමැතිවීම අභියෝගයක් – ඇන්ජලෝ මැතිව්ස්.

නවසීලන්තයේ තරග අත්දැකීම් නොමැති වීම ඉදිරියේදී අභියෝගයක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ නවසීලන්තයට එරෙහිව හෙට ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගැන අදහස් දක්වමින් ය.

නත්තල් දිනට පසුදින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට ලැබීම පිළිබදව සතුටු වන බව නවසීලන්ත ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් මැකලම් පැවසීය.

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වන්නේ ක්‍රයිස්චර්ච්හි හැග්ලි ඕවල් පිටියේදී ය.

2011 වසරේදී සිදු වූ භූමි කම්පාවෙන් පසුව එම නගරයේ කිසිඳු තරගයක් මෙතෙක් පවත්වා නොමැත.

හෙට ආරම්භවන තරගය හැග්ලි ඕවල් පිටියේ පවත්වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ද වේ.

එම තරගය ගැන අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ තමාට මෙන්ම කණ්ඩායමේ නවක ක්‍රීඩකකයින් කිහිප දෙනෙකුටම නවසීලන්තයේදී තරගයකට සහභාගී වීම නැවුම් අත්දැකීමක් වනු ඇති බව ය.

වේග පන්දු යවන්නන් සඳහා වැඩි සහායක් ලබා දෙන හැග්ලි ඕවල් පිටියේදී තරග කිරීම සඳහා තම පිතිකරුවන් සූදානම් බව ද නවසීලන්ත පිතිකරු අංශය භාර පුහුණුකරු ක්‍රෙයිග් මැක්මිලන් පැවසීය.

තරගයේ පළමු දිනය සඳහා නිකුත් කළ ප්‍රවේශපත්‍ර අට දහසම මේ වනවිට අලෙවි වී ඇති බැවින් විශාල විශාල #ප්‍රේක්ෂක පිරිසක් හෙට පැමිණෙනු ඇතැයි ද නවසීලන්ත ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles