අනුර කොළඹින් එයි!

මෙවර මහ මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණ නාමයෝජනා ලැයිස්‌තු සකස්‌ කරමින් සිටින බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව කොළඹ දිස්‌ත්‍රික්‌කය සඳහා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ලාල්කාන්ත, ලක්‍ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ සුනිල් වටගල තරග වැදීමට නියමිත අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කය සඳහා විජිත හේරත්, බිමල් රත්නායක, මහින්ද ජයසිංහ තරග වදින බවද කියා සිටියේය.

කළුතර දිස්‌ත්‍රික්‌කයට වෛද්‍ය නලින්ද ජයතිස්‌ස, මාතර දිස්‌ත්‍රික්‌කය සඳහා සුනිල් හඳුන්නෙත්ති, බදුල්ල දිස්‌ත්‍රික්‌කයෙන් සමන්ත විද්‍යාරත්න, හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් නිහාල් ගලප්පත්ති, යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් රාමලිංගම් චන්ද්‍රසේකර්, අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් වසන්ත සමරසිංහ, කෑගල්ල දිස්‌ත්‍රික්‌කයෙන් ගාමිණී රත්නායක, අම්පාර දිස්‌ත්‍රික්‌කයෙන් වසන්ත පියතිස්‌ස යන අය
තරග වැදීමට නියමිත බවද විජිත හේරත් මහතා කොළඹ දී පැවැති පුවත්පත් සාකච්ඡාවේදී කියා සිටියේය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...