අනුශ්කා ශර්මා බොලිවුඩයේ අතිසාර්ථක නිළියක් බවට මේවන විට පත්වෙලා අවසානයි. අනුශ්කා චිත‍්‍රපටවල කොයිතරම් ජනප‍්‍රිය උනත් මෑතකාලයේ අනුශ්කා ගැන කතා උනේ ඇය රඟපෑ චිත‍්‍රපට ගැන නම් නෙවෙයි. ඉන්දියානු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාට් කෝලි හා අනුශ්කා අතර ඇති සම්භන්ධයක් ගැන ඉන්දියානු මාධ්‍ය වාර්තා වරින් වර පුවත් ගෙන ආවා. මේ අතරේ තමයි චිත‍්‍රපට නිෂ්පාදකයෙක් වන කරන් ජොහාර් මෙහෙයවන ඉන්දියාවෙ ජනප‍්‍රිය රූපවාහිනී වැඩසටහනක් වෙන කොෆී විත් කරන් (Coffee with Karan) වැඩසටහනට අනුශ්කා ආවෙ. එහිදී ඇය ඇයගේ හිටපු පෙම්වතුන් ගැන වගේම දැන් පෙම්වතා ගැනත් වහෙන් ඔරෝ කතා ගොඩක්ම කිව්වා.
ඔබ ගැන හිතන්නේ කොහොමද?
මම හිතන්නේ මම හරිම සංවේදී කෙනෙක් කියලා.
ඇයි අනෙක් අය සංවේදී නැහැ කියලද කියන්නේ?
නැහැ. මම සංවේදී වගේම හුඟක් සන්සුන් කෙනෙක් කියලයි කිව්වේ.
ප්‍රියංකා චොප්රා, දීපිකා පදුකෝන් වගේ යාළුවෝ ගැන ඔබ මොනවද හිතන්නේ?
ප්‍රියංකා නම් ගොඩක් විහිළුයි, ඒත් දීපිකා ඊට වඩා වෙනස්, එයා හැම දෙයක් ගැනම හුඟක් සීරියස් හිතනවා.
ඔබට ඉන්න පිරිමි යාළුවෝ ගැන මොකද හිතන්නේ?
පිරිමි යාළුවෝ ගොඩක් මට ඉන්නවා. ඒ අය එක්ක SMS කරනවා, චැට් කරනවා. එහෙම විශේෂයක් නැහැ ඉතින්.
ඔබට තවම විශේෂ කවුරුවත් නැහැ කියලමද කියන්නේ?
ඔව්. මට එහෙම විශේෂ කවුරුවත් නැහැ. මම තවම තනිකඩ කෙනෙක්.
එතකොට මේ පත්තරවල තියෙන්නේ විරාට් කෝලියි, ඔබයි අතර සම්බන්ධතාවක් තියෙනවා කියලා….?
නැහැ. එහෙම දෙයක් නැහැ. විරාට් මගේ යාළුවෙක් විතරයි. කතාබහ කරනවා, චැට් කරනවා. එච්චරයි. විශේෂ සම්බන්ධයක් නැහැ.
ඒත් මුළු ඉන්දියාවම කියනවා විරාට් කෝලි ඔබට විශේෂයි කියලා?
විරාට් කෝලි මට විතරක් නෙවේ, මුළු ඉන්දියාවටම විශේෂයි. ඉන්දියාව විරාට්ට ආදරෙයි.
එහෙනම් ඇයි පත්තරවල ඔබ දෙන්නා ගැන එහෙම දේවල් යන්නේ? හැබැයි මමත් කියනවා ඔයාලා දෙන්නා හොඳට ගැළපෙන ලස්සන ජෝඩුවක් කියලා?
එහෙම කියපු එකට නම් ගොඩක් ස්තුතියි. ඒත් අනේ මන්ද?
ඔබට හදිසි අනතුරක් වෙලා මතකය නැති වෙලා යනවා කියලා හිතන්න. ඒ වෙලාවට අර්ජුන් රාම්ගොපාල්, රන්බීර් කපූර්, විරාට් කෝලි කියන තුන් දෙනාගෙන් කාගේ මතකය අමතක වෙලා යනවටද වැඩිපුර කැමැති…?
අර්ජුන් රාම්ගොපාල් නම් මට සහෝදරයෙක් වගේ. ඒ වුණාට රන්බීර්ව අමතක වෙලා යන එකට කැමැතියි.
ඒ කියන්නේ කෝලිගේ මතකය කවදාවත් අමතක වෙලා යනවට කැමැති නැහැ?
නැහැ. නැහැ. එහෙම හිතන් නැහැ. ඔයා හරියට මාව ක්‍රිකට් තරග පාවා දෙන්නෙක් කරන්න වගේනෙ හදන්නෙ.
නැහැ මම එහෙම නෙවෙයි කිව්වේ. ඔබගේ ඇත්ත අදහස මොකක්ද විරාට් කෝලි ගැන කියලයි ඇහුවේ?
අනේ මන්දා (සිනාසෙයි) මම කොෆී එක බොනවා.
ඇයි විරාට් ගැන අහද්දි කෝෆී බොන්නේ? ඔබේ තොලකට වේළෙනවද එතකොට?
අනේ මන්දා (සිනාසෙයි).
රන්බීර් එයාගේ පෙම්වතියත් එක්ක පාරේ එන ගමන් ඔබට මුණගැහිලා ඒ අයට ලිෆ්ට් එකක් දෙන්න කියලා ඔබෙන් ඉල්ලුවොත් දෙනවද?
ඔව්. මම රාම්ලීලා ෆිල්ම් එක කීපවතාවක් බලලා ඒ වගේ හිත හදාගෙන ඉන්නේ. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ.
ඒ වුණාට ඔබට ඉරිසියාවක් හිතෙන්නෙ නැද්ද?
නැහැ නැහැ. එහෙම එකක් නැහැ.
මම ආයේ සැරයක් අහන්නම්. මුළු ඉන්දියාවෙම කීර්තිය තියෙන්නේ දැන් ඔබේ අතේ කිව්වොත් මම හරිද?
ඔයා ඔය වහෙන් ඔරෝ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න මට තේරෙන්නෙ නැහැ. හැබැයි සල්මාන්, අමීර්, ආක්ෂේ, අභිෂේක් වගේ හැමෝම වැඩ කරන්නේ ඉන්දියාවේ කීර්තිය වෙනුවෙන්.
ඇයි එතැන රන්බීර් නැත්තේ?
රන්බීර් ඉන්නවා. නමුත් මම එතැන කිව්වේ ජේයෂ්ඨයෝ ගැන විතරයි.
නමුත් විරාට් කියන්නේ ඉන්දියාවට කීර්තිය අත්කර දෙන්නෙක් නෙවේද?
ඔව්. ඒක ඇත්ත ඔහු මුළු ඉන්දියාවටම කීර්තිය අත්කර දෙන්නෙක් තමා.
ඇත්තටම විරාට්ට ඔබව විවාහ කරගන්න හිතුණොත් ඔබ මොකද කරන්නේ?
එක ඉතින් ඇත්තටම විරාට්ගේ අතේ තමා තියෙන්නේ. එහෙම වුණොත් ඒක මට වාසනාවන්ත සිදුවීමක් වෙයි.
ඔබ ක්‍රිකට් ගැන උනන්දුද?
ඔව්. ක්‍රිකට් ගැන ගොඩක් උනන්දුයි. IPL එකටත් ගොඩක් උනන්දුයි.
එහෙනම් මොන ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයටද ඔබ වැඩිපුර කැමැති?
මුම්බායි කණ්ඩායමේ ඩිල්ෂාන්ට මම ගොඩක් කැමැතියි.
ඇත්තටම කියන්න. ඔබේ කැමැතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?
විරාට් කෝලි.