මෙරට ක්‍රිකට් පරිපාලනයේ සිද්ධි පද්ධතිය පිළිබඳව සත්‍යය හෙළිකරන්නට ගියහොත් බොහෝ දෙනකුගේ රෙදි ගැලවෙනු ඇතැයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.රණතුංග මහතා එසේ පැවැසුවේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජේයෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර විස්සයි – 20 ලෝක ක්‍රිකට් ශූරතාව රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එල්ලකරන ලද චෝදනා සම්බන්ධයෙන් “මව්බිම” කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

