ඉස්කෝලේ යන සමහර දවස් වල රණ්තුංග ටීචර් ගෙ පස්සෙන් ආනන්දෙ ගේටුවෙන් ඇතුල්වෙන ධම්මික, ප්‍රසන්න, අර්ජුන, නිශාන්ත, සංජීව සොහොයුරන් පස්දෙනා ඒ කාලෙ අපිට සුලභ දර්ශණයක් වෙලා තිබුණ.
රණතුංග ටීචර් ආනන්දෙ ගුරුවරියක් වීමත්, එතුමියගෙ කොලු පැටව් 5 දෙනාම ආනන්දෙ ක්‍රිකට් ක්‍රීඩකයින් වීමත් හින්දම මේ සෙට් එකට ඉස්කෝලෙ තිබුණෙ ලොකු ජනප්‍රියත්වයක්.
‘අර්ජුන අයියා’ ආනන්දේ ක්‍රිකට් ගහනකොට නාලන්දේ අපිටත් වසන්තයක් වගේ වුනු කාලයක් තිබුණා. බිග් මැච් එකේදී ‘ආනන්ද පරිප්පු’ කියල කෑ ගැහුවට ඒකාලේ අර්ජුනලා ක්‍රිකට් ගහනවා බලන්න කී දවසක් නම් හවස පන්ති කට් කරලා ගිහින් ඇද්ද..? ආනන්දේ ග්‍රවුන්ඩ් එකේ අර්ජුන ඒකාධිකාරය බිඳින්න අදටත් කිසිම ක්‍රීඩකයෙකුට හැකිවෙලා නැහැ. ඒ තරමටම අර්ජුනගේ ආධිපත්‍යය ආනන්දේ පුරාම තවමත් රැඳිලා තියෙනව.
පාසල් ක්‍රීඩකයෙකු ලෙසම ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරඟයට අර්ජුන කැඳවද්දී නාලන්දේ බන්දුල වර්ණපුර නම් වූ අපේ සදාතනික ක්‍රිකට් වීරයා ඒ තරඟයේ නායක්ත්වයේ හිටියා.
එදා සිට අද දක්වා අර්ජුනගේ ගමන් මඟ කොහොම වුනාද කියල ඔබ හැමෝම දන්නව. දෙසැම්බර් 01 වැනි දා අර්ජුනගෙ උපන්දිනය. අදට ඔහුට අවුරුදු 50 ක් ලු. ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් 50* Not out
සුභ පැතුමක් ලියන්න කලින් මේ ඌණ් පූර්ණය ලියන්න හිතුනෙ එදා ආනන්දෙ – නාලන්දෙ අපිට අයිති වස්තුවක් වෙලා හිටපු ‘අර්ජුන අයියා’ අද මුළු මහත් ක්‍රිකට් ලෝකයටම වටිනා වස්තුවක් වෙලා ඉන්න හින්ද.
කවදත් කෙළින් කතා කරපු, වැඩ කරපු අවංකයෙක්. ඔහුගෙ දේශපාලන භාවිතාවට විතරයි මගේ අකමැත්ත. ඒ හැරෙන්නට සැබැවින්ම ක්‍රිකට් පිටියේ අපේ ‘සිංහයා’ අර්ජුන.
ලොකු අයියේ… ඔබට සුභ උපන් දිනයක් වේවා..!
නිදුක් නීරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ඔබට ලැබේවා..!
මේ වගත් ඒසේම,
~සුදේශ් කරුණාතිලක~