චීනා මට්ටු වේ

ඊයේ(05) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මැණික්‌ ප්‍රදර්ශනයේ තිබූ මැණික්‌ ගල් සොරා ගැනීමට පැමිණි සංවිධානාත්මක චීන ජාතිකයන් පිරිසක්‌ අතරින් එක්‌ අයකු අත්අඩංගුවට ගත් පොලිසිය එම ස්‌ථානයේ දී සැකකරු ගිල දැමූ රුපියල් ලක්‍ෂ 18 ක්‌ වටිනා දියමන්තියක්‌ සොයාගැනීමට සමත් වුනා. චීන ජාතිකයාගේ අවාසනාවට ඔහු එය හොරෙන් ගිලදමන ආකාරය සේවකයින් දැක තිබුණා.

නමුත් මේ වන විට සිදු වී ඇති ප්‍රශ්නය නම් දියමන්තිය මළපහ සමග පිටවන විට ලබාගන්නා අදහසින් ඔහු එය ගිලදැමූ නමුත් රෝහලේදී සිදු කළ එක්ස්රේ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇති අන්දමට එම දියමන්තිය චීන ජාතිකයාගේ ගලනාලයේ සිරවී ඇති බවයි. දියමන්තියේ අග ඇති උල් කොටසට දැනටමත් ශරීර අභ්‍යන්තරයේ තුවාල සිදුවී අභයන්තර රුධිර වහනය වීම සිදුවෙමින් ඇති බවත් ශල්‍යකර්මයක් මඟින් දියමන්තිය ඉවත් කල යුතු බවත් වෛද්‍යයවරුන්ගේ මතය වී තිබුණා. ඔහුගේ ජීවිතය පවා දැන් අනතුරක පවතින බවත් රෝහල් ආරංචි මාර්ග මඟින් දැනගන්නට ලැබී තිබුණා.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...