ජනාධිපතිවරණ සමයේ කොළඹ, කොටහේනේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නීති විරෝධී පෝස්ටර් ඉවත් කරමින් සිටි පොලිස් සැරයන් වරයෙකුගේ කනට පිස්තෝලයක් තබා මරණ තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් 13 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් තවත් 10 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට සොයන බවත් පොලීසිය කියයි.
පොලිස්පති යටතේ පවත්නා විශේෂ විමර්ශණ ඒකකයේ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මෙම පරීක්ෂණ බාරව සිටියි.
අත් අඩංගුවට සැකකරුවන් අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද, භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ලඟ සිට මන්ත්‍රී දුමින්ද සිල්වා ලඟට ගිය රියදුරෙක්ද සිටින බව පොලීසිය කියයි.
කොලොන්නාව උමඟිලිය ක්‍රීඩාංගනයේදී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ වේදිකාවක් කඩා බිඳ දැමු සිද්ධියට මේ අය සම්බන්ධයක් ඇතැයි සැක කරන පොලීසිය ඒ පිළිබඳවද පරීක්ෂණයක් ඇරඹීය.