23.4 C
London
Friday, August 8, 2025
spot_img

සැප පහසුකම් සපිරි මන්දිර ඉදිවෙන සුන්දර ආරුගම්බේ

-සුන්දර පරිසරයක්ව පවතින නම් දරන බිමක සංචාරක නිවාස සමුහයක් හමුවෙයි. ඒම නිවාස සමූහය පොතුවිල් ආරුගම්බේ පානම ශාස්ත්‍රවෙල, රාගම්වෙල මුහුදු රක්ෂිතය හා කලපුව අතර පෙදෙස් වල ඉදිකර ඇත. 2010 ඔක්තෝබර් මාසයේ මෙම පෙදෙසේ රජයේ ඉඩම්වල පදිංචිවී සිටි පවුල් 30 ක් පමණ මුහුණු බැඳගත් මැර හමුදාවකින් පන්නා දැමීමෙන් පසුව අක්කර 160 ක පමණ ප්‍රදේශයේ මෙම ඉදිකිරීම් දක්නට ඇත. එම පෙදෙස් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර ඇත. නාවික හමුදා කඳවුරක්ද ඒ සමීපයේ ගුවන් හමුදා කඳවුරක්ද ඇත. 2010 සිට මෙම පෙදෙසට මහජනයාට ඇතුළු වීම තහනම් කර තිබූ අතර කොන්ක්‍රීට් කණු මත කබානා වැනි ගොඩනැගිලිද කලපුව ඔස්සේ මුහුදට ගමන් කිරීම සඳහා කිලෝමීටර 2 ක පමණ සක්මන් මාවතක්ද, පිහිනුම් තටාක, හෙලිකොප්ටර් අංගන ආදියෙන් සමන්විත සියලු සැප පහසුකම් සහිත අධි සුඛෝපබෝගී ගම්මානයක් එහි ඉදිකර පවතී. අඩු ගණනේ මෙම ප්‍රදේශය අක්කර 800 කට වඩා වැඩි බව පානම වැසියෝ පවසයි. ඒ අසල තවත් අක්කර 160 ක එවැනිම කබානා ස්වරූපයේ ගොඩනැගිලි ඉදිවෙමින් ද පවතී.

අන්තර්ජාතික සබඳතා මධ්‍යස්ථානය නමින් හැඳින්වෙන පෙදෙසේ ඉදිකිරීම් තවමත් අවසන්වී නැති අතර අවුරුදු 30-40 ක් මෙම පෙදෙසේ හේන් ගොවිතැන් කරමින් පදිංචිවී සිටි දරු පවුල් පන්නා දැමූ මැරයන් මෙතෙක් අල්ලාගෙන නැතැයි ද වර්තමානය වන විට පානම ප්‍රදේශයේ පදිංචි වී සිටින එම පුද්ගලයින් පවසති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles