17.1 C
London
Thursday, November 13, 2025
spot_img

ශ්‍රී ලංකාව වැනි රටවල වත්කම් සොරාගැනීම බරපතල අර්බුදයක්

-විදේශ ඇමැති මංගල සමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය ශ්‍රී ලංකාවේ හොරකම් කර එතෙර බැංකුවල තැන්පත් කර ඇතැයි කියන වත්කම් සොයාගැනීමට ලෝක බැංකුවේ (ස්ටාර්) සහය ලබා ගැනීමටසැරසෙයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ ප්‍රධානී ජේ.සී.වැලිඅමුණ මහතාද සමග සමරවීර මහතා මේ සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සොරකම් කළ වත්කම් සොයා ගැනීම සඳහා වන ලෝක බැංකු විශේෂ ඒකකයට ලබන සතිය මැදදී යෑමට නියමිතය.
එම අංශය පවසනුයේ ශ්‍රී ලංකාව වැනි රටවල වත්කම් සොරාගැනීම බරපතල අර්බුදයක් බවයි. වසරකට ඩොලර් කෝටි 2000 (රුපියල් 265000) සිට 4000 (රුපියල් 531500) දක්වා මුදලක් සංවර්ධනය වන රටවල දේශපාලනඥයින් නිලධරයන් ඇතුළු පිරිස් සොරකම්කර පිටරට බැංකුවල තැන්පත් කරන බව ලෝක බැංකුව කියයි.
ලබන 12 වැනිදා විදේශ ඇමැති හා වැලිඅමුණ මහතා වොෂින්ටන් නුවරට ගොස් ස්ටාර් නිලධරයන් හමුවී ඔවුන් ළඟ ඇති මූලික තොරතුරු එම අංශයට භාරදීමට නියමිතය.
ශ්‍රී ලංකාවෙන් මුදල් හොරකම් කර එතෙර බැංකුවල තැන්පත් කළැයි කියන දේශපාලනඥයින්ගේ හා නිලධරයන්ගේ ලැයිස්තුවක්ද ඔවුනට බාර දීමට යයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles