කලාකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් වයඹ සන්ධාන මන්ත්‍රී කමල් ඉන්දික අත්අඩංගුවට.

0
169

කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේදී කලාකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කරන වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 29 වන දා ‘අලුත් පරපුරේ කලාකරුවෝ’ සංගමය කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ජංගම සංගීත ප්‍රසංගයක් පවත්වමින් සිටියදී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
artist-attack

artist-attack3