ceylonradio

කොටකෙතන ඝාතනයට ලක්වූ තිදරු මවගේ සිරුර ඇලක තිබී හමුවෙයි.

-කොටකෙනනදී අතුරුදන්වූ කාන්තාවගේ මළ සිරුර දවසකට පසු ඊයේ දිනයේදී (06) කොටකෙතන ඇළේ තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. කහවත්ත, කොටකෙතනදී පෙරේදා (5) අලුයම සිට අතුරුදන්වී සිටි තිදරු මවක් වන චන්ද්‍රානි ස්වර්ණලතා (39) මහත්මියගේ සිරුර මරා දැමීමෙන් පසු නිවසින් පිටතට ගෙන ගොස් දමන්නට ඇතැයි පොලිසිය සැකකරනු ලබයි. එම කාන්තාවගේ නිවසේ හා පොලිසියේ සිට මීටර් 500 – 600 දුරින් මෙම ...

Read More »

හොල්සිම් සංස්‌ථා සන්නාමය (SLIM නීල්සන්) ජනතා සම්මානයෙන් පිදුම් ලබයි.

-ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන හොල්සිම් ලංකා සමාගම 9 වැනි SLIM නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී නිවාස හා ඉදිකිරීම් ක්‌ෂේත්‍රය සඳහා පිදෙන ජනතා සම්මානය නොකඩවා සිව්වැනි වරටත් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා නීල්සන් ලංකා පුද්ගලික සමාගම විසින් සංවිධානය කරන මෙම ජනතා සම්මාන උළෙලේ දී සම්මාන පිරිනමනුයේ ජනතාව අතරට ගොස්‌ දත්ත රැස්‌ කිරීමේ ක්‍රියාවලියක්‌ පදනම් කර ...

Read More »

හිරු උදාවත් සමගම තිදෙනෙකුට මරු කැදවයි.

-පුලිච්චාකුලම – පුත්තලම – මුන්දලම ප්‍රදේශයේදී අද (06) අලූයමදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එම අනතුරින් මියගිය අය අතර කුඩා දරුවෙක්, කාන්තාවක් සහ ත්‍රිරෝද රථයේ රියදුරුද වන බවට ආරංචි මාර්ග සදහන් කරයි. මෙම ත්‍රිරෝද රථයේ පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ අනෙක් දෙදෙනා මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ ...

Read More »

මහින්ද සමයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති ඇනහිටීම නිසා ‍සේවකයින්ට අවුරුදු නැහැ

-හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනුයේ එතුමාගේ රජය විසින් ආරම්භ කළ සංවර්ධන කටයුතු ඇණහිටීම නිසා සේවකයන් දහස් ගණනකට රැකියා අහිමි වී අලුත් අවුරුද්ද සැමරීමට නොහැකිව ළතැවෙමින් සිටින බවයි. එම සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අභූත චෝදනා නැගීමට වත්මන් රජය කටයුතු කරගෙන යන බැවින් සියලු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ජනතාව තුළ සැකසංකා ඇතිවුවහොත් එහි පාඩුව විඳීමට සිදුවන්නේ අනාගත පරපුරට බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා ...

Read More »

2013 වසරේ උසස්පෙළ හැදෑරූ සිසුන්ගේ සිට විද්‍යා පීඨවලට බදවා ගැනීමේ ක්‍රමය වෙනස්වෙයි.

-ගුරු පුහුණුව සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගන්නා ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම මෙම වසරේ සිට වෙනස්‌ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව මෙවර සිට ගුරු පුහුණුව සඳහා සිසුන් බඳවා ගැනෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මට්‌ටමින්ය. එම විද්‍යා පීඨවලට දීපව්‍යාප්ත මට්‌ටමින් සිසුන් බඳවා ගැනීමේ ක්‍රමය පසුගිය වසරේදී දිස්‌ත්‍රික්‌ මට්‌ටම දක්‌වා වෙනස්‌ කළ අතර මෙම වසරේදී ද දිස්‌ත්‍රික්‌ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ...

Read More »

සිය නිවසේදී උප පොලිස් පරික්ෂකවරයා මියයයි.

බංඩාරගම පොලිසියේ නඩු බාරව සිටි උප පොලිස් පරික්ෂකවරයා පානදුර මිනුවම්පිටියේ ඔහුගේ සිය නිවසේදී මිය ගොස් ඇත. බණ්ඩාරගම උසාවියේ ආරක්ෂාව බාරව කටයුතු කර තිබෙන්නේද මෙම පොලිස් නිලධාරියායි. අද අලුයම ඝාතනය සිදුව ඇති අතර බෙල්ලේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි බව පොලීසිය පවසයි. Share

Read More »

ලොවපුරා රෝමානු කතෝලික ජනතාව පාස්කු ඉරිදා සමරයි.

-ලොවපුරා බිලියනයකට වැඩි රෝමානු කතෝලික ජනතාව පාස්කු ඉරිදා සමරනවා. ජේසුස් වහන්සේ දුක් ප්‍රාප්තියෙන් නැගීසිටි දිනය ලෙසයි කිතුනු බැතිමතුන් මෙම දිනය සලකන්නේ. වතිකානුවේ දී කිතුනු බැතිමතුන් ඇමතූ ශුද්ධෝත්තම පාප්වහන්සේ ප්‍රකාශ කළේ, ජන කොටස් අතර පවතින විෂමතා තුරන් කිරීමට සියලු දෙනා උත්සාහ කළයුතු බවයි. ලේ වැගිරීම් වෙනුවට සත්‍යය , අලංකාරය සහ ආදරය සෙවීමට ජනතාව උත්සාහ දැරිය යුතු බවත් පාප්වහන්සේ එහිදි සදහන් කළා. ...

Read More »

කොටකෙතන කාන්තාවක් ඝාතනයට ලක්වීම ගැන විමර්ශන ක්‍රියාත්මකයි

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේදි කාන්තාවක් ඝාතනයට ලක්වීම පිළිබද විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කරනවා. ඝාතනයට ලක්වුනේ 39 හැවිරිදි කාන්තාවක්. ඇගේ සිරුරු කොටස් කිහිපයක් අතුරුදන්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ. ඒ අනුව ඝාතකයා සහ සිරුරු කොටස් සොයා පොලිසිය අංශ කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කළා. විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිල සුනඛයන්ගේ සහය ද ඊට ලබාගෙන තිබෙනවා. අදාල කාන්තාව තම නිවසේ නිදා සිටියදි ...

Read More »

එකදු යානයක්වත් නැති ගුවන් සේවයක් නැත. -රනිල් වික්‍රමසිංහ

-ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයිති එකම ගුවන් යානයක්වත් නැති බවත්, එසේ එකම ගුවන් යානයක් වත් අයිති නැති ගුවන් සේවයක් ලෝකයේ කිසිම රටක නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය. අගමැතිවරයා මෙසේ පවසා ඇත්තේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ සිවු පුද්ගල කමිටු වාර්තාව, එහි සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා විසින් පසුගියදා අරලියගහ මන්දිරයේදී රනිල් ...

Read More »

පාහියන්ගල කෙල්ලට අවුරුදු 10,000යි.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල පාහියන්ගල ලෙනෙන් 2012 වර්ෂයේ දී සොයාගත් මානව අස්ථි පද්ධතිය අවුරුදු 10,000ට පෙර මියගිය තරුණියකගේ බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මානවජීව විද්‍යා මාහාචාර්ය ජේ ස්ටොක් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ වලින් පවසයි. ඇය මෙතෙක් දකුණු ආසියාවෙන් සොයාගත් උසම මානවයා බව ද පර්යේෂකයෝ පවසති. එම තරුණිය අවුරුදු 18-22ත් අතර වයසේ දී මියගොස් ඇති බවත් ඇය කුඩා කාලයේ සිටම දිර්ඝකාලීන දන්ත රෝගයකින් ...

Read More »