ceylonradio

යළිත් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

යළිත් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසයි. මේ වනවිට අවස්ථා දෙකකදී ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත්ව තිබේ. මහ මැතිවරණයෙන් කොන්සර්වෙටිව් පක්ෂය බලයට පත්වුවද, අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් නොවන බව භෙතෙම කියා සිටී. බී බී සී ය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මේ බව ප්‍රකාශ කළේය. Share

Read More »

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට වෙඩි තබා ඝාතනය කරයි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඇතුළු තිදෙනෙකුට නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඇත.මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ සිය මිතුරන් පිරිසක් සමග සභාපති හික්කඩුව හෝටලයේ අවස්ථාවක වන අතර වෙඩි වැදීමෙන් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මියගොස් තිබේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. සිවුදෙනකු හෝටලය තුළට පැමිණ ඇති බව ...

Read More »

විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ රු. 5000 දක්වා වැඩිකරයි.

-විශ්වවිද්‍යාල සිසුන්ට හිමිවන මහපොළ ශිෂ්‍යාධාර මුදල ජුනි මාසයේ සිට රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (23) ප්‍රකාශ කරන ලදී. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ රජයේ දින 100 වැඩපිළිවෙල යටතේ පොරොන්දු වූ කාලයට මාසයකට පෙර සිට මෙම ශිෂ්‍යාධාර දීමනාව මෙලෙස වැඩි කිරීමට තීරණය කළ බවයි.කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන ...

Read More »

අධි ආරක්ෂිත කලාපයේ අක්කර දහසක් මුල් පදංචිකරුවන්ට ලබාදෙයි.

උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර දහසක් එහි මුල් පදංචිකරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙළ මුල් පියවර ලෙස ඉඩම් අක්කර 425 ක් නිදහස් කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පෙරවරුවේ යාපනයේදී පැවැත්විය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමාත්‍යවරුන් වන එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, පී.එම්. ස්වාමිනාදන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර, එච්.එම්.ජී.එස්. පලිහක්කාර, ...

Read More »

ගැබිණි මව්වරුන්ට ලබාදුන් පෝෂණ මල්ලේ නුසුදුසු භාණ්ඩ පිළිබඳව පරීක්ෂණයක්.

-අඹගමුව වෙන්චර් වතුයායේ ගැබිණි මව්වරුන්ට ලබාදුන් පෝෂණ මල්ලේ පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ ඇතුලත් කර තිබීම පිළිබදව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විශේෂ පරීක්ෂණයක් අරඹයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ. ගැබිනි මව්වරුන් 130 දෙනෙකුට මෙම පෝෂණ මල්ල බෙදාදීමට සැලසුම් කර තිබිණ. එහි තිබූ කඩල, කවුපි සහ හාල්මැස්සන් නුසුදුසු තත්ත්වයේ තිබූ බවට අනාවරණය විය. පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම භාණ්ඩ ඉවත් කර ...

Read More »

ශ්‍රී ලංකා, යුන්පී දීගයක්

-ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය සමඟ එක්වීමට වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළා. ඒ, අළුත්ගම ප්‍රදේශයේ පැවැති උත්සවකට එක්වෙමින්. අමාත්‍යවරයා කියා සිටියේ මේ දක්වා පැවැති සාකච්ඡුා වලට අනුව එම ක්‍රියාමාර්ගයන් සිදුවනු ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුවහොත් එය මෙරට සිදු වූ ඓතිහාසික තීන්දුවක් ලෙස ඉතිහාස ...

Read More »

ආර්.කේ. චන්ද්‍රානන්ද සිල්වා ලොව හැර යයි.

-මාතර රාහුල විදුහලේ කීර්තිමන් ආදි සිසුවෙක් වූ හිටපු මැතිවරණ කොමසාරිස් ආර්.කේ. චන්ද්‍රානන්ද සිල්වා මහතා (78) ඊයේ 21 අභාවප්‍රාප්ත විය. රජයේ තනතුරු රැසක් දැරූ චන්ද්‍රානන්ද ද සිල්වා මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ආරක්ෂක ලේකම්වරා වශයෙන් ද කටයුතු කළේය. Share

Read More »

රාජිත සේනාරත්න මහතා , පවුලේ සාමාජිකයන් සිව්දෙනා ඇතුළු 14 දෙනකුට ලබන අප්‍රේල් 02 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරයි

-සිය වැඩිමහල් පුතු වන එක්‌සත් සේනාරත්න විසින් පාසල නිම වී නිවස බලා යමින් සිටි ගැහැනු ළමයකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස්‌ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සිව්දෙනා ඇතුළු 14 දෙනකුට ලබන අප්‍රේල් 02 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ...

Read More »

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු විරෝධයක් නැති බවයි.

-ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු විරෝධයක් නැතැයි හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය. මහින්ද රාජපක්ෂ රජය පරාජය වීමට ප්‍රධානම හේතුව ජාතිවාදී, වාර්ගවාදී ක්‍රියාවන් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව කියා ගන්නා ඇතැමුන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් කීමට එරෙහි බව කියනුයේ ඔවුන්ගේ පෞද්ගලික අදහස බවත්, බොදුබල සේනාව වැනි සංවිධාන වල තැන ඔවුනට හිමි ...

Read More »

කොළඹ ජාතික රෝහලට 150යි

-කොළඹ ජාතික රෝහලේ 150 වැනි සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විය. වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එහි වත්මන් අධ්‍යක්ෂවරයාය. රෝහලේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ වෛද්‍ය ජෝ ප්‍රනාන්දු, වෛද්‍ය ලූෂන් ජයසූරිය, වෛද්‍ය රෙන්ස් ගාමිණී ද සිල්වා, වෛද්‍ය ඔලිවර් ප්‍රනාන්දු, වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහත්වරුට සහ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ සුජාතා සේනාරත්න මහත්මියට උපහාර තිලිණ පිරිනැමීමක් ද මෙහි ...

Read More »