indrajith

ඇයි මං එ‍න්නේ? මහින්ද කියයි

ඉදිරි මහ මැතිවරණයේදී තමන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පැවසුවේය. මැදමුලනේ පිහිටි සිය නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සන්ධාන මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා හිටපු මහජන නියෝජිතයෝ පිරිසක්‌ මැදමුලනට පැමිණ සිටියේය. 1970 දී තමන් ලාබාලතම ...

Read More »

අනුර කොළඹින් එයි!

මෙවර මහ මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණ නාමයෝජනා ලැයිස්‌තු සකස්‌ කරමින් සිටින බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව කොළඹ දිස්‌ත්‍රික්‌කය සඳහා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ලාල්කාන්ත, ලක්‍ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ සුනිල් වටගල තරග වැදීමට නියමිත අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කය සඳහා විජිත හේරත්, බිමල් රත්නායක, මහින්ද ජයසිංහ තරග වදින බවද කියා සිටියේය. කළුතර දිස්‌ත්‍රික්‌කයට වෛද්‍ය නලින්ද ජයතිස්‌ස, මාතර දිස්‌ත්‍රික්‌කය ...

Read More »

“මේ මරණයට හේතුව මගේ නැන්දම්මා “

‘මගේ බිරිඳගේ මවත්, බිරිඳගේ සහෝදරයනුත්, ඔවුන්ගේ බිරින්දෑවරුනුත් මගේ මරණයට වගකිව යුතුයි’ කරන ලද ගනුදෙනුවලින් අතුල අත ඇති ලක්‍ෂ 27 ක මුදල දුවගේ නමට බැංකුගත කරන්න” යෑයි ලිපියක්‌ ලියා 21 දා දහවල් පානදුර දුම්රිය නැවතුම්පළට නුදුරු දුම්රිය මාර්ගයේදී ධාවනය වූ දුම්රියට පැන සිය දිවි නසාගත් එක්‌දරු පියකු ගැන පානදුර පොලිසියෙන් වාර්තා වේ. මියගොස්‌ ඇත්තේ පානදුර අළුබෝමුල්ලේ පදිංචි 45 වියෑති එක්‌දරු පියෙකි. ...

Read More »

නළුවාගේ ඝාතනය පිටුපස කාන්තාවක් ?

මහරගම අවන්හලක්‌ තුළදී රංගන ශිල්පියෙක්‌ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌ ඊයේ (30 වැනිදා) දහවල් මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. මෙම ඝාතන සිද්ධියෙන් පසු පලාගිය කාන්තාවක්‌ සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ. පෙරේදා (29 දා) අලුයම මෙම ඝාතනය සිදුකළ අතර පන්නිපිටිය රණවක පාරේ පදිංචිව සිටි ඉන්දික රත්නායක (44) නමැති දෙදරු පියකු ඝාතනයට ...

Read More »

විනිසුරුවරයා මෙහෙකාරියට හිරිහැර කළ හැටි

ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවරයකුගේ නිල පිස්තෝලයෙන් පහරකෑමට ලක්වූ බව කියන නිවෙසේ මෙහෙකාර කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම මෙහෙකාර කාන්තාව තමන්ට සිදුකරන හිංසාවන් දරාගත නොහැකි බව පවසමින් 27දා රාත්‍රී 12.15ට පමණ ගල්කිස්ස පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් පසුගිය 15 දා මෙම ...

Read More »

ඡන්දෙට එනවාද? නැද්ද? – මෙන්න සංගා ගේ උත්තරේ

ඉන්දීය කණ්ඩායම සමග ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසු තමන් ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර ඊයේ (27) ප්‍රකාශ කරන ලදී.කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. මේ අතර කුමාර් සංගක්කාර දේශපාලනයට එන බවට රාවයක්ද මෑත කාලයේදී මාධ්‍ය මගින් වාර්තා කිරීමෙන් පසු දේශපාලනයට නොඑන බව සංගක්කාර ඊට ප්‍රතිචාර ලෙස ...

Read More »

මහ ඡන්දේ අගෝස්තු 17 – නාම යෝජනා 6 වෙනිදා සිට

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියෝගයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් විය. 2015 ජුනි මස 26 වැනි සිකුරාදා අංක 1920/20 ගැසට් නිවේදනය අනුව ලබන අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන නියම කර ඇත. නව පාර්ලිමේන්තුව සැප්තැම්බර පළමු වැනි දා රැස්වීමට නියමිතය. මහ මැතිවරණ සඳහා නාමයෝජනා බාර ගැනීම ජුලි හය වැනිදායින් ආරම්භ ...

Read More »

කැන්ටිමේ අංකල් ගේ වැඩ මාට්ටු

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකු එහි ආපන ශාලාවේ සේවකයකු විසින් අපයෝජනයට ලක්‌ කරනු ලැබීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ජාතික ළමාරක්‌ෂක අධිකාරියට පැමිණිල්ලක්‌ ලැබී ඇත. දහය ශ්‍රෝණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා කොළඹ පාසලට පැමිණ ඇත්තේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබමිනි. එලෙස පැමිණීමෙන් පසු පාසල් නේවාසිකාගාරයේ සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇති සිසුවාට ආපන ශාලාවේ සේවකයා නිතර නිතර ආහාරපාන ලබාදී සිය අවශ්‍යතාවන් ...

Read More »

ප්‍රේමයට දිවි දුන් සරසවි දියණියක්

පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබු සිසුවියක් යාපනය, පලෙයි ප්‍රදේශයේ සිය නිවස තුළ ගෙළවැළලාගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. ප්‍රේම සම්බන්ධයක් මත ඇති වු සිත් තැවුලක් ඊට හේතු වන්නට ඇති බව සඳහන්. පලෙයි පොලිසිය පැවසුවේ 24 හැවිරිදි පානුශා ශිව ප්‍රකාස් නමැති පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යාපනය ලැබූ තරුණියක් එලෙස  නිවස තුළදි සාරියකින් ගෙළ වැළලාගෙන ජිවිතක්ෂයට ...

Read More »

ඇමතියෙක් ගෑණු හොරකමේ

මෑතකදී හොංකොංවලට යාබද චීන කැසිනෝ කොළනියක සංචාරය කළ ප‍්‍රධාන අමාත්‍යවරයකු ඔහු සමග එහි සංචාරය කළ විවාහක කන්තාවක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ. එමෙන්ම මෙම අමාත්‍යවරයා පැහැරගෙන ගොස් ඇත්තේ කොළඹ හතේ පදිංචිව සිටි රජයේ ආයතනයක ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයකුගේ බිරියක් බව ද පැවසේ. අදාළ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයා විසින් තම බිරිය පැහැරගෙන ගොස් ඇති බවට කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර ඇති බව ද වාර්තා වේ. මෙකී ...

Read More »