indrajith

ගෝඨා ජවිපෙට නඩු දාන්න යයි

ජවිපෙ කිහිප දෙනෙකු විසින් තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබුවෙ තමාගේ කීර්ති නාමයට හානි සිදුකිරීමේ අරමුණෙන් බැවින් නාමයට හානි කිරීම සම්බන්ධයෙන් ජවිපෙට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 2013 වසරේදී අම්පාරේ සංවිධානය කළ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව එම දිස්ත්‍රීක්කයේ සංවර්ධන ව්‍යාපෘති ලෙස හිටපු ආරක්ෂක ලේකම් නමින් ඇති ...

Read More »

‘ජොනී’ සැකකරුවන් 20 දෙනකු සිටින මැදිරියක

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙන කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා සැකකරුවන් විසිදෙනකු සිටින වාට්‌ටුවක (මැදිරියක) පසුවෙන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා ඊයේ (07 දා) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කියා බන්ධනාගාරය ඔහුට කිසිදු පහසුකමක්‌ ලබානොදුන් බවත් අනිත් සැකකරුවන්ට මෙන්ම ඔහුටත් රාත්‍රියට නිදාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් පිළියෙළ කළ බවද බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයා පැවසීය. සමහර දේශපාලන සිරකරුවන් සැකකරුවන් මෙන් ඔහු ...

Read More »

රනිල් ගේ “ඩිනර්” එකට මෛත්‍රී විතරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා විපක්ෂනායකවරයා, විපක්ෂ මන්ත්‍රීන් මෙන්ම වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පිරිසකටද ආරාධනා කර තිබු අතර ශ්‍රීලනිපය එය ප්‍රතික්ෂේප කළ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් ඊට සහභාගී වු  බවත් නිවාස හා සමෘද්ධි ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසීය. Share

Read More »

යුවළක් නුවර වැවට පැනලා

තරුණ යුවළක් දෙනෝදාහක් බලා සිටියදී ඊයේ (6) මහ දවල් මහනුවර වැවට පැන සියදිවි නසාගැනීමට ගත් උත්සහයක් අසළ සිටි පිරිසක් විසින් ව්‍යර්ථ කැර ඔවුන් දෙදෙනාව මහනුවර පොලීසියට බාරදී ඇත. වැවට පනින ලද යුවළ එම අවස්ථාවේදීම ගොඩට ගෙන ඇති අතර ඔවුන් ගලගෙදර ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිස් පරීක්ෂන වලින් අනාවරණය වී තිබේ. පවුල් ආරවුලක් සමථයකට පත් කැර ගැනීමට නොහැකිව දෙදෙනාම වැවට පැන ...

Read More »

බිරිදක් ඉල්ලා කළ හදියක්

නිවසක්‌, බිරිඳක්‌ හා යතුරු පැදියක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් අධි බලැති විදුලි කණුවකට නැගගත් තරුණයකු ප්‍රදේශවාසීහු විසින් මහත් පරිශ්‍රමයක්‌ දරා බිමට බස්‌සවා ගත් පසු දික්‌වැල්ල පොලිසියට භාරදී තිබේ. මෙම තරුණයා මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මානසික වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීමට නියමිතව ඇතැයි දික්‌වැල්ල පොලිසිය පවසයි. දික්‌වැල්ල, රත්මලේ පාර මන්සන්ධියේ පිහිටි අධිබලැති විදුලි කණුවට ගොඩ වූ මෙම තරුණයා අධි බලැති විදුලි රැහැන් ...

Read More »

“හොරු අල්ලන එක නවත්තන්න ” – මහින්ද ඉල්ලලා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවේදී පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අගමැති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වූයේ දැයි, සාකච්ඡාවට සහභාගි වූ දුමින්ද දිසානායක අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඒ පිළිබඳව ඉදිරියේදී ශ්‍රී ලංකා ...

Read More »

මහින්ද මෛත්‍රී සාකච්ඡා විනාඩි 35යි – අවසන් එකඟතාවක් නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතා අතර සාකච්ඡා අවසන් එකඟතාවයෙන් තොරව අවසන් වී තිබේ. යළිත් වරක් හමුවී සාකඡ්චා කිරීමට එකඟ වී තිබේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී පක්ෂයේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගන්නා ලද තීරණ ඉතා සාර්ථක වූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසා තිබේ. විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා, ශ්‍රීලංනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන ...

Read More »

ඉන්ධන මිල ඉහළ යන ලකුණු

ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි. ඛනිජතෙල් සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ  පසුගියදා ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩු කළද ඒ සඳහා අය කෙරෙන බදු පහත නොදැමීම හේතුවෙන් සංස්ථාවට දැඩි මූල්‍ය අලාභයක් සිදුව ඇති බවයි. ගතවූ මාස කිහිපයක කාලය තුළ ඉන්ධන අළෙවියෙන් ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන 04 කට ආසන්න අලාභයක් සිදුව ඇති බව ඛනිජතෙල් සංස්ථා ඉහළ නිළධාරියෙකුද තහවුරු ...

Read More »

දෙන්නම කෝච්චියට පනින්න ඇවිත් – බිරිඳ පැන ගිහින්

දුම්රියට පැන දිවි නසා ගන්නට පැමිණි තරුණ අඹුසැමි යුවළකගෙන් පුරුෂයා පළමුව දුම්රියට පනිනු දුටු බිරිඳ බියට පත්වී පලාගොස්‌ ඇත. මෙම සිද්ධියෙන් මිය ගොස්‌ ඇත්තේ මුද්දරගම කැප්පෙටිවලාන පදිංචිව සිටි නිහාල් රංජන් නමැති තරුණ විවාහකයෙකි. විවාහ දිවියේ කිසියම් ප්‍රශ්නයක්‌ මත වෙන්වීම සඳහා දික්‌කසාද නඩුවක්‌ද පවතිද්දී දෙදෙනාම මෙම තීරණය ගෙන වේයන්ගොඩ දුම්රිය පළ අසලට පැමිණ ඇති බවත් පුරුෂයා දුම්රියට පනිනු දැක බියට පත් ...

Read More »

ජෝන් අමරතුංග දවල් හීන දකිනවා

පළාත් පාලන ආයතන විසුරුවන්න ජෝන් අමරතුංග ඇමැතිවරයාට බලයක්‌ නෑ. ඒ විෂය භාරව කටයුතු කරන්නේ කරු ජයසූරිය ඇමැතිවරයා. ඊට ඉහළින් අගමැති හා ජනාධිපති ඉන්නවා. විෂයට අදාළ නැති අයට දේශපාලන අවශ්‍යතාවන් මත එසේ කරන්න බෑ. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගත්තොත් එතැන අවුලක්‌ යෑයි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංග ආරච්චි මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ කොටිකාවත්ත සණස උත්සව ශාලාවේ ...

Read More »